වෛද්‍යවරියට හදි කල නරුමයාට පොලිසිය හොඳම එකෙන් සලකලා… ගුද මාර්ගයට පොල්ලකුත් බස්සලා…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා.

ඒ සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක් පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා පස්වරු 6.30ත් 7.00ත් අතර කාලය තුළයි.

ඉන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙන ගොස් තිබූ අතර එහි දුරකථන සංඥා අනුව සැකකරු සොයා පොලිස් විමර්ශන දියත් කෙරුණේ ඒ අනුවයි.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පොලිසිය වෙත සිය අත්දැකීම මෙලෙස අනාවරණය කර තිබුණා.

නේවාසිකාගාරයේ මගේ කාමරයට ඇතුල් වෙන්න හදද්දි මගේ පිටුපසින් කවුරුහරි ඉන්නවා වගේ දැනුනා. ඒ එක්කම මම හැරිලා බැලුවා. එතකොටම මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොර ගාව හිටපු කෙනෙක් මගේ බෙල්ලට පිහියක් තියලා දොර අරින්න කිව්වා. මම දොර අරිනවත් එක්ක මාව තල්ලු කරගෙන ගිහිල්ලා ටී ෂර්ට් එකකින් කට වැහුවා. පස්සේ කාමරයේ දොර වහලා ලයිට් දාලා හැම තැනම බැලුවා. ඊට පස්සේ ඒ ලයිට් ටික ඔක්කොම වහලා නාන කාමරයේ ලයිට් එක විතරක් දැම්මා.. මම ආමි එකෙන් පැනලා ඉන්නේ පොලිසියෙන් මාව හොයනවා. මට ටිකක් මෙතන ඉන්න දෙන්න මම ඔයාට මොකුත් කරන්නේ නැහැ කියලත් කිව්වා. හැබැයි කෑ ගැහුවොත් බෙල්ල කපනවා කියලා මට කිව්වා. මගේ ළඟින් වාඩි වෙලා අත් දෙක ඉස්සරහට අරන් රෙද්දකින් කට බැන්දා. මගෙන් ඇහුවා ඔයාගේ ෆෝන් එක කෝ කියලා. පස්සේ මගේ ෆෝන් එක අරන් මටම කියලා ලොක් එක ඇරගෙන මට කිව්වා හින්දි සිංදුවක් දාලා දෙන්න කියලා. ඒත් එක්කම මම බය වුණා පස්සේ එයත් එක්ක පොරබදද්දි අතේ තිබ්බ පිහියෙන් මගේ අත කැපුණා මට බය හිතුණා මාව මරයි කියලා කරන්න දෙයක් නෑ කියපු දේවල්වලට එකඟ වෙන්න වුණා මගේ ෆෝන් එකෙන්ම ෆොටෝ ගත්තා. ෆෝන් එක අරන් යනවා කිව්වා. මේ ගැන එළියට ගිහින් කිව්වොත් ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ මම කරපු දේට සමාවෙන්න. බෙහෙත් බොන්න කියලා කිව්වට පස්සේ ඔහු පැනලා ගියා. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා තිබ්බේ මම එව්වා ලෙහාගෙන බලනකොට කාමරේ දොර වහලා තිබුණා ජනේලයක් අරලා තිබුණා. ඒ අප්‍රසන්නභාවය දරාගන්න බැරි නිසා මම නෑවා ඊට පස්සේ ඉක්මනටම ගිහින් වාට්ටුවේ වෛද්‍යවරයට මට වුණ දේ කිව්වා එයාගේ දුරකථනයෙන්ම තාත්තටත් කිව්වා ඊට පස්සේ සමන්තුරේ රෝහලේ ඉන්න මගේ මිතුරෙකුටත් කිව්වා”

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව පොලිසිය වෙත රැගෙන ආ අතර අනතුරුව ඔහු රැගෙන ආවේ අනුරාධපුර පොලිසිය වෙතයි.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරුට රැකවරණය ලබාදීම, තොරතුරු සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු පොලිසිය ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කෙරුණා.

පොලිසිය සැකකරු සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.එහිදී සැකකරුගෙන් මහේස්ත්‍රාත්වරයා අසා ඇත්තේ දෙකට නැවී යම් අපහසුතාවයකින් සිටින්නේ ඇයිද යන්නයි.කෙලින් සිටගන්නා ලෙසද සැකකරුට මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.එම අවස්තාවේදී සැකකරු පවසා ඇත්තේ තමාට පොලිසියෙන් තදබල ලෙස පහර දුන් නිසා තමා අපහසුවෙන් සිටින බවයි.ඉන්පසුව පොලිසියෙන් ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කල බව ද කියා සිටියා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිබඳවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම කරුණු අනතුරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.මේ අතර මෙම සිද්ධිය මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports