ආසන්න වශයෙන් මිලියන 30,40ක අලාභයක්…. දිවුලන්කඩවල සංගීතයේ වැඩිම හානිය Sounds කරපු අහිංසකයාට…!

තරුණ තරුණියන් හරිම කැමැත්තෙන් තමයි සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ … ඒත් මේ කියන්න හදන්නේ සංගීතයක් බලන්න ගිහින් සිදුවුණු හිතාගන්නවත් බැරි සිදුවීමක් ගැන කතාවක්… හරිම කැමැත්තෙන්..

තරුණ තරුණියන් හරිම කැමැත්තෙන් තමයි සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ … ඒත් මේ කියන්න හදන්නේ සංගීතයක් බලන්න ගිහින් සිදුවුණු හිතාගන්නවත් බැරි සිදුවීමක් ගැන කතාවක්…

හරිම කැමැත්තෙන් බලන්න ගිය සංගීත සන්දර්ශනයක් උඩු යටිකුරු වුණු හැටි තමයි මේ… හරි අපි කතාවට යමුකෝ… ඊයේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයක් පැවැත්වුණා… ඒක බලන්න සෑහෙන්න සෙනගක් ඇවිත් හිටියා කියලා තමයි ආරංචි වෙන්නේ… ප්‍රශ්නය ඇති වෙන්නේ ඒ සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන්

ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබුණා…

සංගීත සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දීමත් සමඟ ප්‍රකෝපකාරී වූ පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වුණා…

එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 45 දෙනෙකු යොදවා සිටියද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා වෙන්නේ…

ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කළා…

මේ සංගීත සංදර්ශනය අතරතුර ඇතිවූ මෙම කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මකයි…

මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සංගීත කණ්ඩායමේ බඩු භාණ්ඩ දැඩි ලෙස අලාභ හානියට ලක්ව ඇති බවත් ආසන්න වශයෙන් මිලියන30 , 40 ක අලාභයක් වෙලා ඇති කියලා තමයි වාර්තා වන්නේ…

මේ අතර මේ සිද්ධිය නිසා බොහෝ දෙනා සංගීත කන්ඩායම ගැන කතා කරද ඇත්තටම මෙයින් පීඩාවට පත් වූ මීට ශබ්ද සැපයූ අය ගැන අද සමාජයේ කිසිදු කතිකාවතක් වෙන් වී නොමැති වීම කණගාටුවට කරුණක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports