මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා – දිල්කා සමන්මලී කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේකරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේකරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක් බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කාසමන්මලී මහත්මිය සඳහන් කරයි.

මේ වන විට දෙරණ නාලිකාවෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇය තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.

මේ ජායාරූපය දැක්කම හිතෙන්නෙ මොකක්ද? බලන්න ඉන්දියාවේ අගමැති අපේ ජනාධිපතිගෙ කරට අතක් දාගෙන යන ගානට පත්වෙලාතියන හැටි..එහෙම සතුටක් සමහරුන්ට දනෙන්න පුලුවන්.

නමුත් මේක මට අනුව නම් ඉතාම නරක body language එකක්.(2009 වසරේ ලංකාවෙන් පිටත අධ්‍යාපන ආයතනයක, රාජ්‍යනායකයින්ගෙ සහ දේශපාලකයන් ගේ body language ගැන කළ හැදාරීම් වලදි ඉගන ගත් තොරතුරු වලට අනුව.)මේ ගැන මමකියනවට වඩා ඔබටම පුලුවන් රාජ්‍ය නායකයින්ගේ body language ගැන අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා දැනගන්න.මට නම්මේක සතුටකට වඩා බිය උපදවන ජායාරූපයක්..මෝධි දන්නව ඔහු කරන්නෙ මොකක්ද කියල.ඒත් ඔබ දන්නවද?පරිස්සම් වෙන්නවෙයි.

.ලි.

මේ හමුව සුභවාදීව නොබලා අසුභවාදී බලන්න තරම් කුහක පිරිස් මේ සමාජෙ ඔනතරම්. වගේම මේ දේශපාලනය තුල දකින දේසංවාද කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ කියන එකයි මගේ අදහස.

ඉන්දියාව තව දුරටත් අපේ පිටට තට්ටු දමමින් ඔවුන්ගෙ සහචරයෙක් බවට ලංකාව පත් කරගන්න උපක්‍රමශීලී උත්සාහයක යෙදෙනව නම් ගැන අවධානයකින් සිටීම කාටවත් කඩේ යෑමක් නෙමෙයි.

ඒනිසා පෝස්ට් වලට කමෙන්ට් කරන අඳබාල ලදරුවන්ට බයේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරයි කියල හිතනව නම් ඒක හීනයක් සහෝදරවරුනි.කොටින්ම මගේ රටේ ජනාධිපති අල්ලපු රටේ අගමැති ” that s my boy “කියන්නා වගේ තුරුල් කරං යන එක මට නම්අල්ලන්නෙම නෑ.මේ හැසිරීම අනුව අනුර ජනපති මෙයාලගෙ ලණු නොකා හිටියොත් ඇති.එච්චරයි.

Iri News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports