හැටන් රිය අනතුරේ ඇත්ත හේතුව එළියට..!

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත්පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර්..

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත්පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කළේය.

එහිදී හෙළිවී ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියාවිරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාවඅසුනෙන් ඉවතට විසිවී ඇති බවයි.

හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිසිය භාරයේ ඇති අනතුරට පත් එම බස් රථය ප්‍රධාන මොටර් රථපරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිතතිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කරතිබුණි.

තවද රියදුරුගේ ආරක්ෂිත බඳපටිය නොමැති බවත්, බස් රථය තුළ සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබිම නිසා එම අනතුර හේතුවෙන්මගීන්ට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා විය.

ඉන් තිදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලැබීය.

එසේම බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාලබරපතළවිමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලීසියට පැවසීය.

මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතුකරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලීසියේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත්අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද හැටන් පොලීසිය පැවසිය.

Ada Derana

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports