වසර 05කට පසු සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.  ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි. විසි ලක්ෂ..

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ. 10.49 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය

බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.

විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධනකාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපොළට පැමිණ තිබුණි

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ගුවන්තොටුපොළේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයසංවිධානය කර තිබුණි.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණි

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 19,5127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන්250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසුසංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

විදේශ සංචාරකයන් මුහුණදුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවාසපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමට වත්මන් රජය පියවර ගත්තේය

අනුව ඉකුත් මාස 03 කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබේ.

රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කළේ

2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි.

 

Ada derana

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports