අති උත්කර්ෂවත්ව පැවැත්වුණු දෙරණ සිනමා සම්මාන උලෙළ

මෙරට සිනමා තරු ඇගයීමට ලක්වන 9 වැනි දෙරණ සිනමා සම්මාන උලෙළ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එය ඊයේ (16) රාත්‍රීයේ ටී.වී.දෙරණ ඔස්සේ විකාශය..

මෙරට සිනමා තරු ඇගයීමට ලක්වන 9 වැනි දෙරණ සිනමා සම්මාන උලෙළ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එය ඊයේ (16) රාත්‍රීයේ ටී.වී.දෙරණ ඔස්සේ විකාශය කෙරුණි.

2023 වසරේ තිරගතවූ චිත්‍රපට 33 ක් සඳහා සම්මාන ලබාදීම මෙහිදී සිදුකෙරුණු අතර ඒ වෙනුවෙන් නිර්මාණශීලිත්වය දායක කළ කලාකරුවන් ඇගයීම මෙහිදී සිදු කෙරුණි.

හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතාගේ මනල් චිත්‍රපටයයි.

ජනප්‍රිය රංගන ශිල්පියාට හිමි සම්මානය සජිත ඇන්තනිට හිමිවූ අතර හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය ද ඔහුටම හිමිවිය.

ජනප්‍රිය රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිකරගත්තේ ශලිනි තාරකාය.

හොඳම රංගන ශීල්පිනිය වෙනුවෙන් වූ සම්මානය උදාරි වර්ණකුලසූරියට හිමිවිය.

නැගී එන නළුවා ලෙස ශිවකුමාර් ලිංගේෂ්වරන් සහ නැගී එන නිලිය ලෙස දිනාරා පුංචිහේවා සම්මානයට පාත්‍ර විය.

හොඳම ප්‍රහසන නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ ජයලත් මනෝරත්න මහතාය.

ජනප්‍රියතම ප්‍රතිවීර චරිතය සඳහා වූ සම්මානය හිමිවුණේ විශිෂ්ඨ රංගධර අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාටය.

මේ වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගජමෑන් චිත්‍රපටයයි.

සම්මාන රාත්‍රියේ සුවිශේෂීම සම්මානයක් වන ජීවිතේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ආචාර්ය විශාරද නන්දා මාලිනි මහත්මියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports