“Dangal” හි දුවට රඟපෑ තමාට වඩා දෙගුණයකින් බාල ෆාතිමා සනා සමඟ අමීර් ඛාන්ගේ රහස් සම්බන්ධය

උතුරු ඉන්දියානු සිනමාව තුළ Mr Perfectionist හෙවත් සර්ව සම්පූර්ණ මිනිසා ලෙස සැලකෙන්නේ අමීර් ඛාන්ය. Lagaan, Dil Chahta Hai, Rang De Basanti, Delhi Belly, Jaane Tu..

උතුරු ඉන්දියානු සිනමාව තුළ Mr Perfectionist හෙවත් සර්ව සම්පූර්ණ මිනිසා ලෙස සැලකෙන්නේ අමීර් ඛාන්ය. Lagaan, Dil Chahta Hai, Rang De Basanti, Delhi Belly, Jaane Tu Ya Jaane Na, Laapataa Ladies, Dangal හා Secret Superstar වැනි චිත්‍රපටලින් එම Title එකට ඔහු කොයි තරම් සුදුසුද යන්න ඔප්පු වී අවසන්.

එහෙත් අමීර්ගේ පුද්ගලික ජීවිතය සම්පූර්ණයෙන් අසම්පූර්ණ එකක් බවට පත්වුණේ ඉතාම අවසානාවන්ත ආකාරයට. මේ වන විට විවාහදෙකකින් වෙන් වී Single ජීවිතයක් ගත කරන අමීර් ඔහු තෙවැනි විවාහයක් පිළිබඳ වුවත් සලකා බැලීමට ඉඩ තියෙන බව මෑතකදී කියාතිබුණා.

අමීර් ඛාන් තුන්වෙනි විවාහය ගැන පැවසුවේ ෆාතිමා සනා ෂෙයික් සමඟ ඔහුගේ සම්බන්ධය ගැන කටකතා නැවත වතාවක් අලුත් වෙමින්පවතින අතරතුරය. සනා සහ අමීර් මුලින්ම එකට වැඩ කළේ 2016 වසරේ දී  Dangal චිත්‍රපටය නිර්මාණය වන අතරතුරයි. සනා එහිඅමීර්ගේ දියණිය ලෙසයි රංගනයෙන් දායක වුණේ. චිත්‍රපටය විශාල ජනප්‍රියත්වයක් ලැබූ අතර ඔවුන්ගේ බැඳීම ගැන බොලිවුඩ් පුරවරයේවිවිධ කටකතා නිර්මාණය වුණේ ඔය වකවානුවේදී. ඔවුන් කාලයේ ඕනෑවටත් වඩා නිතර එකට දක්නට ලැබුණා.

වගේම අමීර්ගේ කිරන් රාඕ සමඟ දෙවැනි විවාහය අවසන් වීමට සනා හේතුවූ බව බොහෝ වාර්තා යෝජනා කළා. කෙසේ වෙතත් අමීර්සහ සනා කිසිවිටකත් මෙම කටකතා පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ.

අමීර් ඛාන් සහ සනා Pickel Ball ක්‍රීඩා කරන වීඩියෝවක් පසුගිය වසරේ සමාජ මාධ්‍යවල වෛරල් වුණා. වගේම මේ වසරේඔක්තෝබර් මාසයේ අමීර් සිය පළමු බිරිය වූ රීනා දත්‍තාගේ පියාගේ අවමංගල්‍යයට සහභාගී වී සිටි ඡායාරූප කිහිපයක් අවධානයට ලක්වුණා. එම ඡායාරූපවල ඔවුන්ගේ පවුලේ හමුවට සනාද සහභාගී වී සිටි ආකාරය සියල්ලන් පුදුම කළා.

කෙසේ වෙතත් මේ සියලු කතා මැද සනා එක් අවස්ථාවක ෆිල්ම්ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, “ඉස්සර, මම පීඩාවටපත් වුණා. මට නරක හැඟීමක් දැනුණා. මොකද මම කවදාවත් වගේ දේවල් සමඟ ගණුදෙනු කර තිබුණෙ නැහැ. මම කවදාවත් දැකලානැති, නාඳුනන කට්ටියක් මම ගැන දේවල් ලියනවා. එහි සත්‍යයක් තිබේදැයි ඔවුන්වත් දන්නේ නැහැ. එය කියවන අය සිතන්නේ මමහොඳ කෙනෙක්නොවන බවයි.” යනුවෙන් සඳහන් කර තිබුණා.

Dangal චිත්‍රපටයේ අමීර්ගේ දුව ලෙස රංගනයෙන් දායක වූ සනා දැන් පසුවන්නේ 32 වැනි වියේය. ඇයගේ වයසට දෙගුණයකටආසන්නව වයසින් වැඩිමල් අමීර්ට 60 ලැබීමට ඉතිරිව ඇත්‍තේ තවත් එක් අවුරුද්දක් පමණි.

සූ

 

උපුටාගැනීමක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports