ගොඩක් අය samsung කිව්වම දන්නෙ ෆෝන් ටිකයි ඔය අනිත් ඉලෙක්ට්‍රික් ගැජට්ස් ටිකයි විතරනේ… බලන්නකෝ Samsung කරලා තියෙන දැවැන්ත වැඩකිඩ ටික ?

ගොඩක් අය samsung කිව්වම දන්නෙ ෆෝන් ටිකයි ඔය අනිත් ඉලෙක්ට්‍රික් ගැජට්ස් ටිකයි විතරනේ…ඒත් samsung කියන්නෙ මව්සමාගම. ඒක යටතේ අනු සමාගම් හැත්තෑගානක් වගේ තියෙනවා. දකුණු කොරියානු..

ගොඩක් අය samsung කිව්වම දන්නෙ ෆෝන් ටිකයි ඔය අනිත් ඉලෙක්ට්‍රික් ගැජට්ස් ටිකයි විතරනේඒත් samsung කියන්නෙ මව්සමාගම.

ඒක යටතේ අනු සමාගම් හැත්තෑගානක් වගේ තියෙනවා. දකුණු කොරියානු ආර්ථිකයේ 20% දායකත්වය samsung තමා. මේකයටතේ samsung marine, samsung constructions, samsung medical, samsung විනෝද උද්‍යාන වගේ තවත්ගොඩාක් දේවල් තියෙනවා.

දකුණු කොරියාවේ විශාලතම විනෝද උද්‍යානය වන ever land එකත් මෙයාලගෙ. එතකොට ලෝකෙ මෙතක් ඉදිකරපු උසම සහවිශාලතම ගොඩනැගිලි බොහෝමයක් samsung constructions එකෙන් හදපුවා. අතර burj khalif, මැලේසියාවේ twin tower, තායිලන්තයේ උසම කුළුණ වගේ තවත් ගොඩාක් දේවල් අයත් වෙනවා. වගේම samsung constructions එකෙන් තවත්කුළුණක් හදන්න ගිවිසුම් ගත වෙලා තියෙනවලු. ඒකත් හදලා ඉවර උනාම ලෝකෙ උසම කුළුණු තුනම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ samsung ලට.

තව දකුණු කොරියාවේ ඉන්නෙ විශාලතම සමාජ සේවකයෙක් වෙන්නෙත් samsung. මොකද රටේ ඉන්න ලෙඩකට විශාල වශයෙන්මුදල් වියදම් කරන්න හැකියාවක් නැති මිනිස්සු වෙනුවෙන් samsung රෝහල් ජාලයෙන් නොමිලේ සේවය සපයනවා.

Samsung සමාගම දකුණු කොරියාවේදී ආරම්භ වෙන්නෙ 1938 වර්ෂයේ නූල්ඩ්ස් company එකක් විදිහට. බ්යොන් චුල් ලී කියනකෙනාගෙ මූලිකත්වයෙන්. ඔහු තමයි samsung ආයතනයේ ආරම්භකයා විදිහට සැළකෙන්නේ.

පස්සෙ එයාලා පොඩි පොඩි පරිපථ වගේ දේවල් හදන්න ගන්නවා. එතනින් තමා එයාලගෙ ගමන පටන් ගන්නේ. වගේම ලෝකයේ මුල්මස්මාර්ට් ජංගම දුරකථනය නිර්මාණය කරන්නෙත් samsung ආයතනයෙන්. කිව්වේ ටච් ෆෝන් මතක හැටියට නම් 2010 වගේවෙනකොට. සමහර විට ඊටත් කලින් වෙන්න පුළුවන්. අද වෙනකොටත් මම දන්න තරමින් ලෝකයේ අංක එකේ දුරකථන සන්නාමsamsung.

වගේම මෑතක් වෙනකනුත් ලෝකයේ වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි ආයතනය උනෙත් samsung. පේටන්ට් බලපත්‍ර 10,000 කටආසන්න ප්‍රමාණයක්. මේ වෙනකොට සමහරවිට මේ දේවල් නම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. තව දෙයක් samsung කියන්නෙකොරියානු හංජා භාෂාවෙන් දීප්තිමත් තරු තුන කියන අදහස. මොකද මුල්ම samsung logo එකේ තරු තුනක් තිබ්බා. ඒත් අදවෙනකොට ඒක වෙනස් වෙලා. Google කෙරුවොත් පරණ logos ටිකත් බලාගන්න පුළුවන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports