අත්හැර දැමූ යාපනය ලුණු ලේවායේ නිෂ්පාදනය මාර්තුවේ යළි අරඹයි

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බවහම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක..

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බවහම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක පවසනවා. ඊයේ (28) වැඩ භාරගතත් අවස්ථාවේ මාධ්‍ය වෙතඅදහස් දක්වමින්. ලුණු හි ඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහුඑහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කකරනවා.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000 ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වාප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළා. තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන්30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටියා.

මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇතැයි පැවසු සභාපතිවරයා මීට හේතුවී ඇත්තේ 2009 යුධමයතත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමටපියවර නොගත් හේතුවෙන් බවද පැවසුවා. එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතිබැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports