එදත් හෑවා.. අදත් හෑවා…! පරදින එක පරදිනවා ලොවෙත් නැති වෙන්න..!

පැරදුනා !!! විස්සයි විස්ස තරගාවලියම පැරදුනා ! පෙර තරගයෙයි මේ තරගයෙයි ලොකු වෙනසක් නැ… කලින් මැච් එකේ හොඳ ස්ටාර්ට් එකක් අරන්, මෙන්ඩිස් ගියාට පස්සේ හෑවා,..

පැරදුනා !!!

විස්සයි විස්ස තරගාවලියම පැරදුනා !

පෙර තරගයෙයි මේ තරගයෙයි ලොකු වෙනසක් නැ…

කලින් මැච් එකේ හොඳ ස්ටාර්ට් එකක් අරන්,

මෙන්ඩිස් ගියාට පස්සේ හෑවා,

මේ මැච් එකේ 16 වෙනි ඕවරේට වෙනකල් ඇදගෙන ඇවිත් KJP ගියාට පස්සේ හෑවා,

මේ තරගයේ අපිට වැරදුනේ ඩෙත් ඕවර්ස් ටික විතරක් නෙමෙයි. මේ තරගයේ පරාජයට මුලින්ම බලපෑවේ කාසිය වාසිය, Bay Oval ක්‍රීඩාංගණයේ කවදාවත් චේස් කරලා දිනලා නැ… හැබැයි අපේ නායකතුමා කාසිය වාසිය දිනාගෙන මුලින්ම පිතිකරණයේ යෙදෙන්නේ නැතුව පන්දු යවන්න තීරණය කරනවා. ඒකත් නිකන් නෙමෙයි. ආරම්භක පිතිකරුවන් සාර්ථකව සිය රාජකාරිය සිදු කරද්දී භානුක වෙනුවට තවත් ආරම්භක පිතිකරුවෙක් වෙච්චි ඉන්ටර්නැෂනල් T20 නහුතෙටම ෆේල් අවිශ්ක ප්‍රනාන්දුත් කන්ඩායමට අරගෙන…!

මේ තරගයේදී මහීෂ් තීක්ෂණ දැවැන්ත ප්‍රහාරයකට ලක් වුනා. පන්දුවාර 4ට ලකුණු 52ක්.. ඩෙත් ඕවර්ස්වල අපි ලකුණු 53ක් දුන්නා. ඒ හොදටම වැඩියි. නායකයා විදිහට චරිත් අසලංකත් පන්දු යවන්නන් යොදා ගත්ත විදිහේ යම් අඩුපාඩු පේන්න තිබුනා. මීට පෙර BEST XI නම් කරද්දී රිෂී ලිව්වා අපිට Extra Fast Bowling Allrounder කෙනෙක් කන්ඩායමේ ඉන්න එකේ වාසිය.මේ තරගයේදිත් ඒ අඩුව දැනෙන්න තිබුනා. ඉලක්කය ලකුණු 187ක්…! ලේසි නැ..

හැබැයි අපේ පිතිකරුවන් ඒ අභියෝගය කොහොමහරි හොඳ විදිහට භාරගත්තා. අද පැතුම් ලකුණු 37කට දැවී යද්දි කුසල් පෙරේරා වගකීම ඇගට අරන් ඉනිම ඇදන් ගියා… පන්දුවාර 16ක් වෙනකල් අපි මේ තරගයේ සටනක් දුන්නා. පන්දුවාර 16ක් වෙද්දි නවසීලන්තය ලබාගෙන හිටියේ කඩුලු 4ට ලකුණු 133යි. අපි ඒ වෙද්දි කඩුලු 4ට ලකුණු 132යි. ඒ කියන්නේ ඩෙත් ඕවර්ස් වලට එනකල් අපි ගේමේ හිටියා…

හැබැයි KJP අවුට් වෙනවත් එක්කම කලින් තරගයේ වගේම සෙස්සන් මැච් එක හානවා. කලින් තරගයේ වගේම මේ තරගයෙත් මේ පරාජයේ වගකීම් වලින් කොටසක් අනිවාර්යයෙන්ම නායකයා භාරගත යුතුයි. මේ තරගයෙත් පෙර තරගය වගේම ඔහු අවශ්‍යම වෙලාවේ දැවී ගියා..! කලින් තරගය පරාජය වෙන්න වගේම මේ තරගයටත් චරිත්ගේ දැවීයාම ලොකු හේතුවක් වුනා. KJP දැවී ගිය ඒ වෙලාවේ කන්ඩායමේ බර කරට අරන් නායකයා විදිහට මෙච්චර ඇඳගෙන ආපු ඉනිම ෆිනිෂ් කරන්න තිබ්බේ චරිත්ට. හැබැයි ඔහුට ඒක මේ තරග දෙකේම කරන්න බැරි වුනා.

එතකොට පුහුණුකරු සනත් ජයසූරිය මේ තරගයට අලුත් පවර් හිටර් කෙනෙක් හදුන්වා දුන්නා. ඒ තමයි අවිශ්ක ප්‍රනාන්දු. ඔහු ඇවිත් ක්‍රීඩා කරපු විදිහ ඇත්තටම කණගාටුයි !

Jecob Duffy තරග දෙකේම හොඳ Spell දෙකක් බැස්සුවා. කලින් මැච් එකේ හොඳට ගහගෙන ආපු Open Partnership එකගලවලා කුසල්, කමිඳු, KJP අවුට් කරලා ලංකාව පැත්තට කැරකුන මැච් එක කනපිට පෙරලුවා..! අදත් ඕවර්ස් 16ක් වෙනකල් අරගෙනආපු මැච් එක KJP ඇතුලු කඩුලු හතරක් දවාගෙන නවසීලන්තයට ජය රැගෙන එනවා!

සැන්ට්නර්ගේ කැප්ටන්සිය මරු.. එයාගේ පන්දු යවන්නන් එයා හරිම වෙලාවට භාවිතා කරා.. අන්තිම ප්‍රතිඵලය තරග අවසානයේ ඔවුන්ට ජය හිමි වුනා.

✍ | Rishie Bro

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports