2025 වසරම සුභයි පොඩි සනා ඉතිහාසගත වෙයි

2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ නවසීලන්ත සමග පැවති  තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්…

2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

නවසීලන්ත සමග පැවති  තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.

නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්.

කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

ඊට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු වාර විස්ස ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 තරඟයක ඉනිමක රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

මේ අතර ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය වර්තා අතරට එක්වුණේ.

මේ අතර තරගය පැවැති සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් 20/20 තරගයක රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා  20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරමින් ලකුණු 101 ක් ලබා ගත්තා.

පන්දු 46 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් සහ 6 පහර 4 ඇතුළත්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 20/20 තරගයක ශතකයක් වාර්තා කළ තුන්වෙනි ක්‍රීඩකයා වන්නේද කුසල් ජනිත් පෙරේරා.

නායක චරිත් අසලංක ලකුණු 46 ක් රැස්කළා.

තරගය ජය ගැනීමට ලකුණු 219 ක් ඉලක්කයක් සමග නවසීලන්ත ඉනිම ආරම්භ කලේ ටිම් රොබින්සන් සමග රචීන් රවීන්ද්‍ර.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල සදහා ලකුණු 81 ක් සබඳතාවක් ගොඩනැගුවා.

ටිම් රොබින්සන් ලකුණු 37 ක් රැස්කළ අතර රචීන් රවීන්ද්‍ර ලකුණු 69 යි.

ඩැරල් මිචෙල් ලකුණු 35 යි.

නවසීලන්තය පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 211 ක්.

අනුව ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 7 කින්.

පන්දු යැවීමේදී චරිත් අසලංක කඩුලු 3 ක් දවා ගත් අතර වනිදු හසරංග කඩුලු 2 යි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports