වසරේ ශ්‍රි ලාංකිකයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කරේ

වසරේ ශ්‍රි ලාංකිකයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කරේ මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී..

වසරේ ශ්‍රි ලාංකිකයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කරේ

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් “එල්.එම්.ඩී” සඟරාව පැවැසුවේය.

වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කළේය. වීරසිංහ මහතා 2022 වසරේ අප්‍රේල් මස මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් “එල්.එම්.ඩී” සඟරාව පැවැසුවේය. අනතුරුව 2023 වසරේදී නැවතත් පැසැසුමට ලක්කළ යුතු ආකාරයෙන් ක්‍රමිකව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් කරා පැමිණි බවද “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කළේය. ආචාර්ය වීරසිංහ මහතා ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මෙලෙස උද්ධමනය පහළ ගිය බවද “එල්.එම්.ඩී” සඟරාව පෙන්වා දුන්නේය.

“එල්.එම්.ඩී” සඟරාව 1995 වසරේ සිට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය ලබාදෙන අතර එය මේ වනවිට වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් එකක් බවට පත්ව ඇත. මෙවර 30 වැනි වතාවට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය “එල්.එම්.ඩී” සඟරාව ලබා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports