පාසල් ළමුන්ට තවත් සහනයක් ! අභ්‍යාස පොත් මිල සියයට 20කින් පහළට

ඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන්..

ඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

කඩදාසි මත 18%ක වැට් බද්ද හා 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද පවතින බවත්,  මෙම බදු දෙක ඉවත් කිරීමට කටයුතු කළහොත් අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල තවදුරටත් අඩු කළ හැකි බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

නව වසරේ පාසල් ආරම්භය මේ මස අවසන් සතියේදී සිදුවන බවත්, මේ අනුව දෙමාපියන්ට අඩු මිලට පාසල් උපකරණ හා අභ්‍යාස පොත් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවත්, පාසල් ඇඳුම් රෙදි මිල පවා 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙවර 20%කින් පමණ අඩු වී තිබෙන බවද පැවසීය.

පසුගිය ආණ්ඩුව විසින් වැට් බදු ඉහළ දැමීම හා සමහර භාණ්ඩවලට අලුතින් වැට් බදු එකතු කිරීම නිසා මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවද සඳහන් කළේය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අඩු වී තිබෙන නිසා එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කළත් පවතින අධික බදු නිසා එම වාසිය ජනතාවට නොදෙනෙ බවද පවසා සිටියේය.

අභ්‍යාස පොත් මිල අඩු කිරීම යටතේ පසුගිය කාලයේදී රුපියල් 80 ට අලෙවි කළ පොතක් රුපියල් 60 දක්වාත්, රුපියල් 120කට අලෙවි කළ පොතක් රුපියල්  සියයක් දක්වාත් මේ වන විට අඩු කර තිබෙන බවත්, මේ ආකාරයට සියලුම පොත් වර්ගවල මිල අඩු වන බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports