ඉෂාන් බෙග් නම් අද්විතීය කලාකරුවාගේ දැන් තත්ත්වය ? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ඔහුට

මේ කියන්න යන්නේ ඉතාමත් සංවේදී පුවතක්.. ඉෂාන් බෙග්.. මේ නම් , ඒ රුව නොදන්නාකෙනෙක් අපේ රටේ නැති තරම්, එහෙත් ඔහු අද ඇත්තටම ඔත්පල වෙලා.. ඒ..

මේ කියන්න යන්නේ ඉතාමත් සංවේදී පුවතක්.. ඉෂාන් බෙග්.. මේ නම් , ඒ රුව නොදන්නාකෙනෙක් අපේ රටේ නැති තරම්, එහෙත් ඔහු අද ඇත්තටම ඔත්පල වෙලා..

ඒ වුණත් ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ.. ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවා අද සිටින්නේ රෝගාතුරවයි.. ආගාත රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට රාගම පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි දැනගන්න ලැබෙන්නේ.. මේ ගැන ගොඩ දෙනෙක්ගේ අවදානය යොමුවුණේ මේ දිනවල සමාජමාධ්‍ය තුළ සැරිසරන වීඩියෝවක් නිසායි..

ඉතින් ඒ නිසාම ඔහු ගැන අපි සොයාබලන්න හිතුවා.. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවන රොහාන් සිල්වා කිව්වේ මේ වගේ කතාවක්.. මීට මාසයකට පමණ පෙර ඉෂාන් බෙග් නම් මේ ප්‍රවිණ කලාකරුවා අසනීප වී ඇති බවටයි තොරතුරු දැනගන්න ලැබුණේ..  යම්තාක් දුරකට සුවය ලැබූ ඔහු මේ වනවිට නැවතත් කතා කිරීමට පටන්ගෙන ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුවයි..

ඒ මොහොතේදී පවා ගීතයකින් රසිකයින් පිනවන්න ඔහු අමතක කරලා තිබුණේ නැහැ..  සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන  මේ වීඩියෝව දැකගන්න ලැබුණෙත් ඔහු ඒ සුවය ලැබූ පසු බවයි රොහාන් මහතා පැවසුවේ..

ඒ වගේම සම්පූර්ණ සුවය ලැබීමට නම් ඔහුට තවත් කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්න සිදුවේවි.. කොහොම වුණත් රොහාන් මහතා පැවසූ පරිදි මේ මහා කලාකරුවාට ගොඩක් දෙනෙක් සුව ප්‍රාර්ථනා කරනවා වගේම ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් ඇතමෙක් උපකාර කරන්නත් ඉදිරිපත් වෙලා.. ඇත්තෙන්ම ඉතාමත් දුශ්කර කාලයක් ගත ඔහු වෙනුවෙන් උපකාර කරන්න ඔබටත් හැකියාව පවතිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports