අම්මා කෙනෙක්ට පුතෙක් කියන්නේ මහ මෙරක්. පුතාගේ වියොවෙන් පසු අම්මා තැබු දුක්බර සටහන

අම්මා කෙනෙක්ට පුතෙක් කියන්නේ මහ මෙරක්.

ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික පුතෙක් උස් මහත් වෙද්දී, ඇයට ආඩම්බර හැඟීමක් දැනෙනවා ඇතිද..?

ඒත් අද ඇයට ඒ හැම දෙයක්ම සිහියක් විතරයි..

රත්සර විතාන, පසුගිය දිනය මාරාන්තික පිළිකා මාරයාගේ ගොදුරක් වුණු මේ තරුණයාගේ මරණය ගැන බොහෝ දෙනා සංවේගයෙන් යුතුව කතා කළා.

ශාන්ත කුමාර විතාන සහ චන්දි කොඩිකාර යුවලගේ ආදරණීය පුතු රත්සර විතාන ජීවිතයෙන් සමුගත් දා පටන් ඔහු ගැන කම්පා නොවූ කෙනෙක් නැතුව ඇති.

ඒ පවුලට හිතවත් සියලු දෙනාම මේ මරණය ගැන කතා කලේ සංවේගයෙන් යුතුවයි. ඔහුගේ නික්මයාමෙන් දින කිහිපයකට ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මෙන්න මේ වගේ දුක්මුසු සටහනක් ඇයගේ වචනවලින්ලියා තිබුණා.

“ඇහේ මූණේ නොහිටියා නම්
නොහඬාම සමු දෙන්න තිබුණා
සුවඳ මේ හැටි නොදැනුණානම්
ගි⁣යපු බව පිළි ගන්න තිබුණා
නුඹ මට හොරෙන් ගිය පළමු ගමනයි
මහමෙරක් තරමටම රිදුණා
හැම රුහිරු බිඳුවක්ම ගලලා
ළමැද කිරි කළ හතක් එරුණා
මගේ ලේ කිරි සුවඳ නොදැනෙන
දුරකටම නුඹ ගිහින් තිබුණා
මව් සෙනේ පිරි සිතම දෙදරා
කැබලි සිය දහසකට බිඳුණා
ඇතෙක් සරි පුතු නික්ම ගියදා
මෙතෙක් නොදැනුණ තනිය දැනුණා
සිතක් ගිනි ගෙන නැ⁣ඟෙන දුම් කඳ
මතත් නුඹෙ රූ රටා මැවුණා
වසත් සමයක දෝතටම වැඩි
නුඹ මගේ සම්මානයයි
අදින් පසුවට සදා කල්හිම
මගෙ ලොවට ගිම්හානයයි”

  • Related Posts

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නමැති ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (04) දින ජීවිතක්ෂයට පත්ව…

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 438 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 16 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 0 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

    • By admin
    • April 4, 2026
    • 0 views
    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…