දේශීය පුවත්

මේ පාර “සප්‍රයිස්” එක සැරයි බීමත් රියදුරන්ට පොලිසියෙන් සෘජු ප්‍රහාරයක්!…

එළඹෙන උත්සව සමය තුළ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පවසනවා.

ඊයේ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, උත්සව සමයේ සිදුවන ඉතාමත් සුළු රිය අනතුරකදී පවා ඊට සම්බන්ධ වන රියදුරන් වහාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවන් දැඩි කිරීමටත්, සැකකටයුතු රියදුරන් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.”

දැන් ඉතින් පාරේ යනකොට පොඩි ට්‍රැෆික් එකක් තිබුණත්, වාහන දෙකක් ලාවට ගෑවුණත් ඒක දිහා බලලා “ෂේප් වෙයි” කියලා හිතන්න එපා.

මොකද, පොලිසිය දැන් පාර පුරාම ඇස් ගහගෙන ඉන්නේ කවුද “අඩි දෙකක් දාලා” ෆිට් එකේ ඉන්නේ කියලා හොයාගන්නයි.

හිතන්න, අවුරුදු කාලේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ඕන වෙලාවේ, පාරේ තිබුණ පොඩි සීරීමක් නිසා මුළු රෑම පොලිසියේ “බෝල්ට්” ගණන් කරන්න වුණොත් කොහොමද?

එහෙමත් නැත්නම් මාස ගාණකට ලයිසන් එක කැන්සල් වෙලා අවුරුදු යන්න වෙන්නේ පයින් කියලා මතක් වෙනකොට කොහොමද?

ඉතින් රෝදය අතට ගන්න කලින් දෙපාරක් හිතන්න. මොකද මේ පාර අවුරුද්දට පොලිසියේ “සප්‍රයිස්” එක හරිම සැරයි වගේ!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button