දේශීය පුවත්

කඩෙන් කිරි බෝතල්, වතුර බෝතල් ගන්න කලින් මේක අනිවාර්යයෙන්ම කියවන්න! පාරිභෝගික අධිකාරියෙන් දැඩි අනතුරු ඇඟවීමක්.

අද කාලේ ලොකු කුඩා හැමෝම වතුර බොන්න පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතලේ වගේම, නිවසේ ඉන්න පුංචි පැටවුන්ට කිරි බොන්න දෙන කිරි බෝතලේ ගැනත් දැන් නම් දෙපාරක් හිතලා බලන්න කාලය ඇවිත්.

වෙළෙඳපොළේ විකුණන්න තියෙන ප්‍රමිතියෙන් තොර නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සොයාගන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වෙද්දී මුළු දිවයිනම ආවරණය වන පරිදි දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.

පහුගිය සතියේ විතරක් මේ විදිහට සිදු කරපු විශේෂ වැටලීම් 144 කදී, කිසිම ප්‍රමිතියක් නැති භාණ්ඩ 1,400 කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ විදිහට ඔවුන්ගේ භාරයට අරගෙන තියෙනවා. හිතලා බලන්නකෝ අපි මේ කඩෙන් සල්ලි දීලා ගන්නේ මොන වගේ ලෙඩ ගොඩක්ද කියලා! මේ සිදුකරපු පරීක්ෂා කිරීම් අතරට ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96 කුත්, ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48 කුත් ඇතුළත් වෙලා තියෙනවා කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ භයානක තත්ත්වය නිසාම පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඊළඟ පාර දරුවට කිරි බෝතලයක් හරි, ඔයාට වතුර බෝතලයක් හරි මිලදී ගද්දී ඒ නිෂ්පාදනයේ සඳහන් කරලා තියෙන තොරතුරු හොඳින් පරීක්ෂා කරලා බලලා විතරක් ගන්න කියලා ඔවුන් දැඩිව අවධාරණය කරනවා. හැබැයි මේ අතරේ තවත් වැදගත් දෙයක් ඔවුන් පෙන්වා දෙනවා; ඒ තමයි පිටරටින් ආනයනය කරන භාණ්ඩයක SLS ලාංඡනය නැති වුණා කියලා ඒක එකපාරටම නීති විරෝධී බඩුවක් කියලා නිගමනය කරන්න බැහැ කියන එක.

කොහොම වුණත් අපේ දරුවන්ගේ වගේම අපේ සෞඛ්‍යයත් තියෙන්නේ අපේම අතේ නිසා, කඩෙන් බඩු ගද්දී දැන් වෙනදට වඩා ඇස් දෙක ඇරගෙන ඉන්න එක තමයි වඩාත් නුවණට හුරු වෙන්නේ. මේ වැදගත් පණිවිඩය ඔයාගේ ආදරණීයයන්ටත් දැනගන්න ඉක්මනින්ම ශෙයාර් කරන්න අමතක කරන්න එපා!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button