ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව උතුරු මැද පළාතෙත් ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්කවලත් අද (26) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි අදනුම් දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර බෙංගාල බොක්කේ බටහිර-මධ්යම ප්රදේශයේ ‘අර්නාබ්’ සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්රී ලංකාවට වක්රාකාරව බලපානු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්රික්කයේ කරන්දිපෝවල් ප්රදේශයෙන් වාර්තා වී තිබෙනවා.