දේශීය පුවත්

සතිඅග වෙනස් වන කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

ගිනිකොණ බෙංගල බොක්කේ ඇතිව තිබෙන කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වාත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවත් දත්ත මගින් අනාවරණවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේ, එහි බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවල දිවයිනට බලපාන බවය.

ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකිය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවැරදි අනවැකි පළ කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බවත් ඉදිරියේ ඒ පිළිබඳව අධ්‍යයන කරන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යක්ෂවරයා කීය.

මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් වර්ධනය වන්නේ එය නම් නැගෙනහිර වෙරළ ආශ්‍රිතව උතුරු ප්‍රදේශයට ගමන් කරන්නේනම් එහි බලපෑම දිවයිනට දැඩි ලෙස දැනෙනු ඇති බව අජිත් විජේමාන්නගේ මහතා අවධාරණය කළේය.

මේ අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) පෙරවරුවේ නිවේදනය කළේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button