ලෝකයම හොල්ලපු නාලන්දාවේ අභිමානය. මහේල ජයවර්ධන ‘නාලන්දා කීර්ති ශ්‍රී’ නාමයෙන් පිදුම් ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ රන් අකුරින් ලියවුණු නමක් තමයි මහේල ජයවර්ධන කියන්නේ.
තමන්ගේ පිත්තෙන් වගේම නායකත්වයෙන් මුළු ලෝකයක්ම හොල්ලපු අපේ ආදරණීය මහේලට පහුගියදා හරිම සුවිශේෂී ඇගයීමක් ලැබිලා තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, ඔහු අධ්‍යාපනය ලැබූ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පිරිනමන අතිශය කීර්තිමත් “නාලන්දා කීර්ති ශ්‍රී” ගෞරව නාමයෙන් මහේල ජයවර්ධනව මෙලෙස පිදුම් ලබා තියෙනවා.
මේ සම්මානය ඔහුට පිරිනමලා තියෙන්නේ, දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කරපු ඒ අමිල මෙහෙවර වගේම, තමන්ගේ ආදි පාසල වන නාලන්දා විද්‍යාලයට ජාත්‍යන්තරය තුළ අත්කර දුන් ඒ ඉහළම කීර්තිය අගය කිරීමක් විදිහටයි.
ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයෙක් විදිහට ටෙස්ට් තරග 149 කටත්, එක්දින තරග 448 කටත් ක්‍රීඩා කරලා තියෙන මහේල, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම ආකෘති තුළ රැස් කරලා තියෙන මුළු ලකුණු සංඛ්‍යාව 25,000 කටත් අධිකයි.



