දේශීය පුවත්

2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ජනාධිපතිවරයා විසින් අද අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිතය.

අයවැය කතාව සිදුකෙරෙන අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.

අද දෙරණ 2027 අයවැය විශේෂ වැඩසටහන පහතින් දැක්වේ.

  • මැදපෙරදිග යුද්ධය අපෙගේ බලශක්ති වෙළෙඳපොළට බලපෑම් කළ අතර ඒ වෙනුවෙන් මෙරට ජනතාවට සහනාධාර වෙනුවෙන් බිලියන 144ක් වැය කරා…
  •  අපගේ ඉලක්කය වන්නේ ආර්ථික කළමනාකරණය මෙන්ම අනාගත පරපුරට මින් ඉදිරියට අතීතයේ මෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.
  • වසර 68 කට පසු අඩුම අයවැය අගය වාර්තා කළා.
  • පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවුණා.
  • 2025 වසරේ දී ජංගම ගිණුම ඩොලර් මිලියන 1,719ක ඉතිහාසයේ ඉහළම අතිරික්තයක්.
  • මේ වසරේ ඩොලර් බිලියන 9 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
  • 2022 අවසන් විට පැවති ණය ප්‍රමාණය 2025 අවසානය වනවිට 95%ක් දක්වා අඩුකරගැනීමට සමත් වුණා.
  • 2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීමට වැය වුණා. 2025 වසර වනවිට එය 45.9% දක්වාත් 2026 සැප්තැම්බර් වනවිට 39.6% දක්වාත් තවදුරටත් අඩුකිරීමට හැකි වුණා.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button