දේශීය පුවත්

රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමියේ වෙළෙඳාම තහනම්

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමිය වෙළෙඳ ප්‍රජාවට තහනම් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝගයක් පනවා තිබේ.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් කිහිපනමක් විසින් අදාළ භූමියේ සත්‍යග්‍රහයක් පවත්වනු ලැබීමෙන් අනතුරුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත.

මේ වනවිට එම භූමියේ සීමා මායිම් ලකුණු කරමින් පවතින අතර, එම ස්ථානය වටා දැනුම්දීම් පුවරු සවිකර ඇතුළුවීම තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම තීරණයට වෙළෙඳ ප්‍රජාව විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෙම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරත වූ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් සහ ශාසනයෙන් නෙරපන ලදැයි පැවසෙන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු ගිහි පිරිසක් අතර ඊයේ (12) ගැටුමක් හටගත්තේය.

එම ගැටුමෙන් පසු පොලිසිය විසින් කස්සප හිමි ඇතුළු පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button