ඇමරිකාවේ ජනාධිපතිගේ අසල්වැසියා වීමට එක් රැයකට ලක්ෂ 5ක් වියදම් කරන මිනිසා

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Mar-a-Lago මන්දිරයේ අසල්වාසියකු වීම සඳහා එක් රැයකට රු 584,000 ක මුදලක් ගෙවූ නිවසක් කුලියට ගත් මිනිසෙක් පිළිබඳ වාර්තා වී..

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Mar-a-Lago මන්දිරයේ අසල්වාසියකු වීම සඳහා එක් රැයකට රු 584,000 ක මුදලක් ගෙවූ නිවසක් කුලියට ගත් මිනිසෙක් පිළිබඳ වාර්තා වී තියෙනවා.

ට්‍රම්ප්ගේ අසල්වැසියා වීමට පුදුමාකාර උණක් වැළඳුණු මේ මිනිසා අන් කිසිවකුත් නොව මෑතකදී ලෝකයේ මිනිසෙක් අත්පත් කරගත් වැඩිම ධනස්කන්ධය ලෙස සැලකෙන බිලියන 428 ක වත්කමේ හිමිකරු වන ටෙස්ලා අධිපති ඊලොන් මස්ක්ය.

මස්ක්, ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ෆ්ලොරීඩා වතුයාය වන Mar-a-Lago නිවසක් කුලියට ගෙන ඇතැයි ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළ ආකාරයට ඔහුගේ නිවහන මිලට ගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ මන්දිටයට අඩි සිය ගණනක් ඈතින්ය.

එම නිවසේ වටිනාකම පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍ර පවසන්නේ එම සුඛෝපභෝගී නවාතැන් සඳහා එක් රාත්‍රියකට අවම මිල ඩොලර් 2,000 (ශ්‍රි ලංකා රුපියල් 584,000) ක් බවයි.

ලෝක ධනවතා, ට්‍රම්ප්ට කෙතරම් සමීපද යන්න මෙයින් පැහැදිලිය. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ටෙස්ලා හිමිකරු ට්‍රම්ප්ගේ ප්‍රධානම හිතවාදියකු ලෙස කටයුතු කළ අතර දැන් දැන් ඇමරිකාවේ පාලකයාගේ අභ්‍යන්තර දේශපාලන කවයේ නැතිවම බැරි සාමාජිකයකු බවට පත්වෙමින් සිටින ආකාරය දැකගත හැකියි.

ජනාධිපතිවරයාගේ නිවස පිහිටි වතුයාය සොයා මස්ක්ගේ පැමිණීම ඇමරිකානු ජනාධිපතිවරයාට ඔහුට කළ හැකි බලපෑමේ තරම පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Mar-a-Lago වතුයායේ සුඛෝපභෝගී නිවාසවල අසල්වැසියන් වීමට උප ජනාධිපති ලෙස තේරී පත් වූ JD Vance ඇතුළු ට්‍රම්ප්ගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන්ට මීට පෙරත් හිමිවුණු වරප්‍රසාදයකි.

මස්ක් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නැරඹීට ද ඔහුගේ නවාතැන වෙත ගොස් ට්‍රම්ප් සමඟ එක් වූ බවයි වාර්තා වන්නේ. ඔහු නත්තල දක්වාම එම නිවසේ පදිංචි වී සිටි බවද වාර්තාවල දැක්වෙනවා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports