” ජන්දේ දුන්නේ හොරුන්ට සුද්දයක් දෙන්න, මෙයාලා සුද්ද කරන්නේ අපිව ” ආණ්ඩුවේ Clean Sri Lanka වැඩසටහනට එරෙහිව බස් හිමියන් කේන්තියෙන්…!

ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික..

ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති අද (5) පස්වරුවේ පවසති.

වර්ජනයකින් තොරව මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබුණ ද මේ දක්වා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් මෙම සතියේ ඉදිරි දින කීපයේදී එම අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන වන බවත් පෞද්ගලික බස් රථ සමිති නායකයෙක් ‘ලංකාදීපය’ට පැවසීය.

බස් රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දිනවල කටයුතු කළ ආකාරය පිළිබඳව බස් රියදුරයන් සහ සහයකයන්ගෛන් දැඩි විරෝධයක් ඇති බවත් එම විරෝධය බස් වෘත්තීය සංග‘ම්වලට පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇති බවත් එම නායකයා කීය

බස් වර්ජනයකට යෑමෙන් තොරව මෙම ප්‍රශ්න විසඳාගැනීමට උත්සහ කරන බව කී බස් සංගම් නායකයෙක් ආණ්ඩුව මෙම ගැටලුවට ලබන බඳදා වන විට ස්ථිර විසඳුමක් නොදුන හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද සඳහන් කළේය.
පොලිසිය බස් රථ ගාල්කර තිබෙන ස්ථානලට ද පැමිණ ඒවායේ සවිකර තිබෙන අමතර උපාංග පරීක්‍ෂා කරන බවත් එම උපාංග බොහෝමයක් පැවැති ආණ්ඩුවලටට මුදල් ගෙවා සවිකළ ඒවා බවත් බස් රථ සේවකයෝ පවසති.

ලංකාදීප

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports