කාලගුණයේ ප්‍රබල වෙනසක්.. අකුණු සහ තද සුළං ගැන ඇසෙන අවවාදාත්මක නිවේදනය මෙන්න..

මේ කියන්න යන්නේ අද දවසේ බලපැවැත්වෙන කාලගුණය ගැන තවත් එක් විශේෂ ආරංචියක්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම්..

මේ කියන්න යන්නේ අද දවසේ බලපැවැත්වෙන කාලගුණය ගැන තවත් එක් විශේෂ ආරංචියක්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල අද (18) සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

තවද, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අකුණු සහ ගිගුරුම පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් වී ඇත්තේ.

– එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.

– කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්න.

– රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.

– බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.

– තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.

– හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පතන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports