ඉරානයේ මිසයිල සංචිත 2/3ක් ඉතුරුයි..- ඇමරිකා බුද්ධි අංශ වාර්තාවක්

 

අමෙරිකාව සහ ඉස්රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාසයකට ආසන්න වෙමින් පවතින පසුබිමක, ඉරානයේ සතු දැවැන්ත මිසයිල අවි ගබඩාවෙන් විනාශ වී ඇති බවට ස්ථිරවම තහවුරු කළ හැක්කේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව අමෙරිකානු බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටමින් රොයිටර් පුවත් සේවය පවසයි.

අමෙරිකානු බුද්ධි තොරතුරු පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින් පස් දෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඉරානයේ මිසයිලවලින් තවත් තුනෙන් එකක ප්‍රමාණයක් බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වන්නට හෝ භූගත බංකර් තුළ වැළලී යන්නට ඇති බවට විශ්වාස කළ හැකි වුවද, ඒ පිළිබඳව නිශ්චිත දත්ත මෙතෙක් ලැබී නොමැති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරානය සතුව මේ වන විට ඉතිරිව ඇත්තේ “මිසයිල ඉතා සුළු ප්‍රමාණයක්” පමණක් බවයි. එහෙත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ ඉරානය සතුව තවමත් සැලකිය යුතු මිසයිල තොගයක් පවතින බවත්, සටන් විරාමයකින් පසුව භූගතව ඇති මිසයිල යළි ගොඩගෙන භාවිත කිරීමට ඔවුන්ට හැකියාව ඇති බවත්ය.

සමුද්‍රීය වෙළඳාම සඳහා ඉතා වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඉරාන මිසයිලවලින් 99%ක් විනාශ කළත් ඉතිරි වන 1% පවා අතිවිශාල නෞකාවකට දැවැන්ත හානියක් කිරීමට ප්‍රමාණවත් විය හැකි බැවින් එය පිළිගත නොහැකි බවයි.

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසන පරිදි, පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ “Epic Fury” මෙහෙයුම සැලසුම් කළ පරිදිම සාර්ථකව ක්‍රියාත්මක වේ.

පෙන්ටගනයට අනුව යුද්ධය ආරම්භයේ සිට ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව 90%කින් පමණ පහත වැටී ඇත. ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ නාවික නිෂ්පාදන පහසුකම්වලින් 66%කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇත. ඉරාන නාවික හමුදාව සතු විශාල යුද නැව්වලින් 92%ක්ම මුහුදුබත් කිරීමට අමෙරිකානු ප්‍රහාර සමත්ව තිබේ.

දැඩි ප්‍රහාර හමුවේ වුවද ඉරානය තවමත් සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා පමණක් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත බැලස්ටික් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 11ක් එල්ල කර ඇත. එමෙන්ම ඉරාන හමුදා ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පිහිටි අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුරක් වන දියාගෝ ගාර්ෂියා ඉලක්ක කර ගනිමින් දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉරානය සතු දැවැන්ත භූගත බංකර් පද්ධතිය හේතුවෙන් ඔවුන්ගේ සැබෑ යුද ශක්තිය තක්සේරු කිරීම අතිශය දුෂ්කර වී ඇති බවයි. ඉස්රායල හමුදා නිලධාරීන්ට අනුව, යුද්ධයට පෙර ඉරානය සතුව ඉස්රායලය වෙත ළඟා විය හැකි බැලස්ටික් මිසයිල 2,500ක් පමණ තිබී ඇත.

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 273 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 812 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….