වසර එකහමාරකට පෙර අතුරුදන්වූ ‘හාවා’ ‍ගේ සිරුර ගෝනියකින් මතුවේ

පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටියදී මීට වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක්, හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළදමා තිබියදී ඊයේ (6)..

පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටියදී මීට වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක්, හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළදමා තිබියදී ඊයේ (6) උදෑසන ගොඩගනු ලැබීය. හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ගොඩගැනීම සිදු කෙරුණු අතර, එහිදී ගෝනි දෙකක අසුරන ලද සිරුරේ කොටස් පොලිසිය විසින් සොයාගන්නා ලදී.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, හිරණ, කිරිබේරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි සදුන් උදාර අල්විස් නොහොත් ‘හාවා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වූ මොහු, පසුගිය 2024 වර්ෂයේ අගෝස්තු මස 03 වැනිදා ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගිය පසු මෙලෙස අතුරුදන්ව ඇත. අතුරුදන් වූ ඔහුගේ කොළ පැහැති ත්‍රිරෝද රථයේ වර්ණය කළු පැහැයට වෙනස් කර, අංක තහඩු ද මාරු කර පාදුක්ක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය මගින් මීට පෙර සොයාගෙන තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන චතුරි ලක්ෂාණී විසින් හිරණ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණි.

මෙම ඝාතනය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු සලිඳු’ නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. 2021 වසරේදී පානදුර පිංවල පොදු සුසාන භූමියේදී කුඩු සලිඳුගේ පාර්ශ්වය විසින් සිදු කරන ලදැයි කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස කටයුතු කර ඇත්තේ ඝාතනයට ලක්වූ මෙම සදුන් උදාර නමැත්තායි. ඒ හේතුවෙන්, කුඩු සලිඳු විසින් තම ගෝලයෙකු වන ‘නිලංග’ නොහොත් ‘මාළුවා’ හරහා පුද්ගලයන් සිව් දෙනෙකුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව පවරා දී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කර තිබ්බටුගොඩ සුසාන භූමියේ වළදැමීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 02 වැනිදා සැකකරුවන් තිදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගත් අතර, ඝාතනයෙන් වසර දෙකකට පමණ පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ සහාය ඇතිව මෙම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදු කෙරිණි.

ගොඩගන්නා ලද ගෝනි තුළ තිබී තංගුස් නූලක් ද විමර්ශකයන්ට හමුවී ඇති අතර, එයින් ගෙල සිරකර මෙම ඝාතනය සිදු කර ඇත්දැයි යන්න පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමර්ශනය කරයි. සිරුර ගොඩගැනීමේ අවස්ථාවට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක්, පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති රසික ප්‍රසාද් යන මහත්වරුන් එක්ව සිටි අතර, මෙම සිදුවීම දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීහු ද සුසාන භූමිය වෙත පැමිණ සිටියහ.

the-body-of-rabbit-who-disappeared-a-year-and-a-half-ago-was-found-in-a-sack

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports

You May Have Missed