ශ්‍රී පාදයේ අම්බලම් අප්‍රසන්න කරන ලංකාවේ කාන්තාවෝ… ශ්‍රී පාදයේ වන්දනා කරනවා නම් මෙය අනිවාර්යයෙන්ම කියවන්න.

මේ ලියන්න යන්නේ ඉතාමත් අප්‍රසන්න අශිෂ්ඨ ක්‍රියාවක් පිළිබඳවයි. ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් උතුම් සිරිපා පුදබිමේ සිදු කල ඉතාමත් පහත ගණයේ ක්‍රියාවක් පිළිබඳවයි. හැටන් නල්ලතන්නිය මාර්ගයේ..

මේ ලියන්න යන්නේ ඉතාමත් අප්‍රසන්න අශිෂ්ඨ ක්‍රියාවක් පිළිබඳවයි. ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් උතුම් සිරිපා පුදබිමේ සිදු කල ඉතාමත් පහත ගණයේ ක්‍රියාවක් පිළිබඳවයි.
හැටන් නල්ලතන්නිය මාර්ගයේ ඇති සීත ගඟුල අම්බලම යනු පසුගිය දවසක අලුතින්ම ප්‍රතිසංස්කරණය කරලා ඉතාමත් හොදට පිරිසිඳුව හදලා බැතිමතුන්ගේ පාවිච්චියට ලබාදුන්න අම්බලමක්. තාම මේක විවෘත කරලා මාසයක්වත් නැහැ. එම අම්බලම අසලම සීත ගඟුල පවතින අතර බැතිමතුන් ජල ස්නානය කරන හෙයින් මෙම අම්බලම තුල “ගැහැණු” සහ “පිරිමි” ලෙස වෙනම ආරක්‍ෂිත කාමර දෙකක් සදා දොරවල්ද දමා ඇත්තේ බැතිමතුන්ට ඇදුම් මාරු කිරීම සඳහාම පමණි. ඒ බව දොරේ බෝඩ් එකක් පවා ගසා ඇත්තේ ස්නානය කරපු අයට ඇදුම් මාරු කරගැනීම සඳහාමය.

මේ පෙරේදා දින කාන්තාවන්ට වෙන් කරන ලද එම කාමරයේ තත්ත්වයයි. මෙම කාමරය ඇතුලේ කාන්තාවන් මුත්‍රා කර ඇති අතර එම දුගඳ අම්බලම පුරා පැතිරව තිබුණි. තාමත් අලුත් පිට ඇති මෙම අම්බලමේ ගැහැණු උදවියට ඇඳුම් කාරු කරන කාමරයේ ගැහැණු උදවියම මුත්‍රා කර තිබීම කොතරක් අප්‍රසන්නද? මන්ද මිට පඩි 160ක් ඉහලින් අලුතෙන්ම නිමවූ නවීනතම වැසිකිලි පද්දතියක් සහ මෙම අම්බලම අසල ඇති කඩේ ළඟද වැසිකිලි ඇති හෙයිනි.

එලෙසම අම්බලමේ මිනිසුන්ට වාඩි වීමට ඇති කොටසේ මුල්ලක මේ ගොඩ ගසා ඇත්තේ සනීපාරක්ෂක තුවා (Pads) තොගයකි. තමන් Periods දිනවල සිරිපාදේ එන්නේ නම් Pads නිසි ලෙස මාරු කර ඒවා අඩුම තරමේ කසල බඳුනකටවත් බහාලන්න තරම් බුද්ධියක් හැදියාවක් මෙම කාන්තාවන්ට නොමැති වීම අතිශය කණගාටුදායකය.

සිරිපාදේ යන බැතිමතුන්ගෙන් සාපේක්ෂව වැඩිපුරම වැරදි කරන්නේ කාන්තාවන් බව කිවහොත් ඔබට එය පිළිගැනීමට සිදුවනු ඇත. මන්ද වැඩිපුරම වැසිකිලි අපවිත්‍ර කරන්නේද, Pads නිසා වැසිකිලි වලවල් හිර කරන්නේද, Pads තැන තැන දමා යන්නේද, මල් පැල කඩන ගෙදර ගෙනියන්නේද, මඟ දෙපස ඇති මල් කඩන්නේද, තැන තැන කුණු විසිකරන්නේද කාන්තාවන් බැවිනි. ඒ බව සිරිපාදේ යන ඕනෑම කෙනෙකුට දැකිය හැකි සුලභ දෙයකි.

මේ සමස්ත කාන්තාවන්ට සිදු කරන චෝදනාවක් නොව, මේ මෙවැනි අශිෂ්ඨ ක්‍රියා සිදු කරන වැඩිහිටි උදවිය, අම්මලා, ආච්චිලා, TikTok නංගිලාට කරන චෝදනාවකි. විශේෂයෙන්ම බොහොම ධාර්මික බවක් හිස් මුදුනේ තබාගෙන එන වයසක අම්මලා ආච්චිලා බොහොමයක් තමා මේ වැරදි සිදු කරන්නේ. ඒක අපි වගේම ඔයාලා බොහෝ දෙනෙකුත් දැකලා ඇති.

මේ වැරදි කරන්නේ ඔයාලගේම නඩේ අය වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අම්මා,ආච්චි වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ යාලුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් නම් මේ වගේ අශිෂ්ඨ වැරදි කිරීමට ඉඩ නොදෙන්න, ඒ පිනම ඇති උඩ මලුව වඳින්නත් කලින්ම රැස් කරගන්න. අනිවාර්යෙන්ම මේ වගේ පහත් වැඩ කරපු කාන්තාවන් කවුද කියලා එයාලගේ නඩේ අය පවුලේ අය දන්නවා ඇති. වැරදි දේට විරුද්ද වෙන්න තමන්ට පිට කොන්දක් හදාගන්න.

ඒ වගේම හැදියාවක් ඇති සංවර බවක් ඇති බුද්ධියක් ඇතිව සිරිපාදේ කරුණා කරලා අබමල් රේණුවකවත් වැරද්දක් නොකර එන සියලුම කාන්තාවන්ට ස්තුතියි. කාන්තාවක් විදිහට ඔයාලට පුලුවන් තවත් කාන්තාවක් වැරදි දෙයක් කරනවනම් ඒකට කතා කරලා ඒ වැරදි සිදු නොවීමට වගබලා ගන්න.

මිනිස්සු විදිහට අපි හැදුනොත් විතරයි අපි අවට සමාජය, ගම, නගරය සහ රට හැදෙන්නේ. අපේ ආකල්ප සිතුම් පැතුම් ශිෂ්ඨ සම්මපන්න වුනොත් විතරයි අපි රට සහ සමාජය ලස්සන වෙන්නේ.

සටහන – සමනල කන්ද රසික එකමුතුව

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports