ඔබේ උපන් ලපය බිහිසුනු රෝගයක මූලාරම්භයද කියලා හරියටම දැනගමුද ?

උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත? උපන් ලපයක් කියන්නේ හමේ ඇති..

උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
උපන් ලපයක් කියන්නේ හමේ ඇති වන වර්ණවත් කැළලක්. මේක කළු පාටම වෙන්න ඕනි කියලා නියමයක් නැහැ.

එක එක්කෙනාගේ හමේ පාට අනුව වගේම උපන් ලපයේ ප්‍රමාණය අනුවත් පැහැය වෙනස් වෙන්නට පුළුවන්.

අපි උපන් ලප කියලා හඳුන්වන ඔක්කොම කැළැල් එකම වර්ගයකට අයිති නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ඒවා විවිධ තත්ත්ව වල වර්ග කරලා තිබෙනවා.

ගොඩක් උපන් ලප උපතින්ම ඇති වන ඒවා. එත් උපතින් පස්සේ වුනත් මතු වීමේ ඉඩක් තිබෙනවා. එය සාමාන්‍යයි.

සමේ මතුපිටින් මතුවන ඒවා වගේම සම තුලින්ම පැන නගින උපන්ලප තිබෙනවා.

ඔබ දැක තිබෙනවාද රතු පැහැයට හුරු කුඩා ලප. මේවා වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ස්ට්‍රෝබෙරි නේවස් (strawberry naevus) කියලයි. මේවා නම් කිසිම ආකාරයක පිළිකා අවධානමක් නැති ලප විශේෂයක් ලෙසයි සොයාගෙන තිබෙන්නේ.

නමුත් සමහර උපන් ලප Melanoma කියන දරුණුම ආකාරයේ සමේ පිළිකා තත්වය දක්වා වර්ධනය වීමේ අවධානමක් සහිතයි.

දුඹුරු හෝ කළු පාටින් යුක්ත වන උපන් ලප වල ප්‍රමාණය අනුව පිළිකා අවධානම වෙනස් වනවා. ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ට වඩා අඩු නම් ඉතා අඩු පිළිකා අවදානමකුත් සෙන්ටි මීටර් 2 ට වැඩි නම් ඉතා වැඩි පිළිකා අවදානමකුත් තිබෙනවා.

උපන් ලපයක් පිළිකාවක් වෙනවා නම් ඒ ගැන අපිට දැන ගන්නට පුලුවන්ද?

ඔව්. උපන් ලපයේ ඇති වන සමහර වෙනස්කම් නිරීක්ෂණය කරලා අපිට එය කලින් හඳුනා ගන්නට පුළුවන්.

උපන් ලපයේ ප්‍රමාණය එන්න එන්න වැඩි වනවා නම්…..
වර්ණය වෙනස් වනවා නම්.
උපන් ලපය කැසීමක් හෝ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තොත්.
උපන් ලපයෙන් ලේ ගැලීමක් සිදු වෙනවා නම්.
එය මත යම් ආකාරයක තුවාලයක් ඇති වෙලා නම්.
අතට දැනෙන ආකාරය වෙනස් වෙලා නම්. උදාහරණයක් කිව්වොත් එන්න එන්න රළු වෙනවා නම්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports