,

දික්කසාදයේ කටකතා මැද අයිෂ් – අභිෂේක් අහම්බෙන් හමුවෙලා….

ආදරය කරපු කෙනෙක්ගෙන්, තමන් ජීවිතේ කරගෙන හිටිය කෙනෙක්ගෙන් වෙන් වීම තරම් දුකක් ලෝකෙ තවත් නැහැ. අතිශය සාමාන්‍ය ගැහැනියකටත්, ලෝකෙ ලස්සනම ගැහැනියටත්, ජනප්‍රියම ගැහැනියටත් ඒ ධර්මතාව..

ආදරය කරපු කෙනෙක්ගෙන්, තමන් ජීවිතේ කරගෙන හිටිය කෙනෙක්ගෙන් වෙන් වීම තරම් දුකක් ලෝකෙ තවත් නැහැ. අතිශය සාමාන්‍ය ගැහැනියකටත්, ලෝකෙ ලස්සනම ගැහැනියටත්, ජනප්‍රියම ගැහැනියටත් ඒ ධර්මතාව පොදුයි.

අයිශ්වර්යා – අභිෂේක් ළඟදි දවසක එකට දකින්න ලැබුණා කියන එක මාධ්‍ය වලට ලොකු ප්‍රවෘත්තියක් වුණා. ඒ කාලෙකින් ඔවුන් එහෙම දකින්න නොලැබුණු නිසා. ඒ වගේම ඔවුන්ගේ දික්කසාදය ගැන කතා පැතිරෙන අතරේ තමයි මේ හමුවීම සිද්ධ වෙලා තිබුණේ.

Aishwarya Rai clicks selfies with Abhishek Bachchan amid divorce rumours - Yes Punjab News

අයිශ් මේ වෙලාවේ අභිෂේක් එක්ක ගොඩක් ආසාවෙන් ගත්ත සෙල්ෆි වගයක් මාධ්‍ යවල පළ වුණා. ඒ පින්තූර වල ඒ ඇස් ආදරෙන් පිරිලා. ඒ සෙල්ෆි ටික ඔවුන්ගේ දික්කසාදය ගැන පැතිරෙන කතා වලට දීපු හොඳ උත්තරයක් වුණත් ඔවුන් දිගු කලක් තිස්සෙ වෙන් වෙලා ඉන්නව කියන දේ මාධ්‍ය වලින් හංගන්න පුළුවන් දෙයක් වුණේ නැහැ…. එහෙම හංගන්න ලැබුණ නම් ඔවුන්ගේ දික්කසාදය ගැන කටකතා වලට ඔය තරම් තටු ලැබෙන්නෙ නැහැ.

රූප සුන්දරියක් වගේම විවාහ වෙනකොට බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹුණු අංක එකේ නිළියක් වුණත් ඇය හැමවෙලාවෙම මුල් තැන දුන්නෙ ඇගේ පෞද්ගලික ජීවිතයට. ආරාධ්‍යා ලැබුණට පස්සෙ ඇය නැතුව අයිශ් සහභාගී වුණු උත්සවයක් ගමනක් නැති තරම්. ඒ වගේම ඇය රටට සංස්කෘතියට සම්ප්‍රදායන්ට හදවතින්ම ආදරය කරපු ගැහැනියක්.

Aishwarya Rai dispels divorce rumours with Abhishek Bachchan; attends party with him, clicks selfies. See pics | Bollywood - Hindustan Times

වරක් ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු නිවේදකයා David Letterman සමඟ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඔබ තවමත් ජීවත් වෙන්නේ දෙමව්පියන් සමඟද? ඉන්දියානු දරුවන් දෙමව්පියන් සමඟ ජීවත් වීම කොහොමදැයි අසා සිටියා….. එය නිවේදක ඩේවිඩ් දරුවන් සමඟ ඉන්දියානුවන්ගේ දැඩි බැඳීම යම් හාස්‍යකට ලක් කරමින් ඇසූ ප්‍රශ්ණයක් වූ අතර අයිශ් ඊට ලබා දුන් පිළිතුරෙන් ඩේවිඩ් පවා නිරුත්තර වුණා.

“ඔව් ඒ නිසා අපට දෙමව්පියන් සමඟ රෑ කෑමකට යාමට ඇපොයිමන්ට් අවශ්‍ය නැහැ…. “එය බටහිර සම්ප්‍රාදායේ දරුවන් හා මව්පියන් අතර ඇති බැඳීම පිළිබඳ සුක්ෂමව එල්ල කළ පහරක්.

ඇය ඉතා බුද්ධිමත් ගැහැනියක්. ඉන්දියානු සංස්කෘතියට, සම්ප්‍රාදයන්ට මුල්වලට ආදරය කරන ගැහැණියක්. ඊටත්වඩා ආරාධ්‍යාව මුළු ලෝකෙම කරගත්ත මවක්. ඒ වගේ පසුබිමක දික්කසාදය වගේ එම සංස්කෘතියෙන් හෙළාදකින දෙයකට හිත හදාගන්න එක ඇයට බෙහෙවින්ම අසීරු දෙයක් වනු නිසැකයි.
මේ ඡායාරූප වලින් වුණත් ඒක කියන්න පුළුවන්

Abhishek Bachchan, Aishwarya Rai pose together in rare public appearance, see pics - India Today

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports