මත් රකුසෙකුට ඇබ්බැහි වෙච්චි අම්මා කෙනෙක් ගාන ජීවත් වෙච්චි ඔහුව අද ඇමරිකාවේ උප ජනපති කෙනෙක් කර ඇයගේ ආදර අන්දරය ඇහුවොත් ඔබත් පුදුම හිතෙයි..

අමෙරිකාවට අලුත් උප ජනාධිපති කෙනෙක් ලබුණා… ඔහුව මිනිස්සු හඳුනන්නෙ JD හැටියට. ඔහුගේ නම JD Vance… ඔව් JD කියන්නෙ ඉතාම දුෂ්කර ළමා කාලයක් දුප්පත් තරුණ කාලයක්..

අමෙරිකාවට අලුත් උප ජනාධිපති කෙනෙක් ලබුණා…

ඔහුව මිනිස්සු හඳුනන්නෙ JD හැටියට. ඔහුගේ නම JD Vance… ඔව් JD කියන්නෙ ඉතාම දුෂ්කර ළමා කාලයක් දුප්පත් තරුණ කාලයක් එක්ක උස්මහත්වුණු ජිවිතයක්…

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මවක් එක්ක හුඟාක් දුක් වින්ද කෙනෙක් ඔහු… ඔහුට හිටියා ඉන්ද්‍රකීලයක් වගේ නොසැලෙන මාරම ශක්තිමත් ආච්චි අම්මා කෙනෙක්… ඉතිං ඔහුගේ ජිවිතය රැකගත්තේ ඇය… ඇය නිසා ඔහු ඉගෙනගන්නවා…

මඩ දියේ පිපෙන නෙළුම් මලක් වගේ… කුඩු කාරයෙක් නොවී , නරක සමාජයක් අස්සේ ඒ සමාජයෙන් නරක් නොවී ඔහු බේරෙන්නේ ආච්චි අම්මා නිසා… ඔහු ඇමරිකානු හමුදාවට බැඳිල මැරින් සෙබළෙක් හැටියට ඉරාකයට ගිය ගමනින් ඔහුගේ දිවිසැරිය වෙනස් වෙන්න පටන් ගන්නවා … නූල් බෝලයක් වගේ තිබුණ ඔහුගේ ජීවිතය හරි පාරට වැටෙන්න පටන් ගන්නේ එතනින්… නැවත එන JD ඔහායෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයටත් යේල් විශ්ව විද්‍යාලයටත් බැඳෙනව.

නීතිඥයෙක් හැටියට එලියට එනවා …

දැන් තමයි මේ කතාවේ ලස්සනම හරිය පටන් ගන්නේ… ඔහුට යේල් විශ්ව විද්‍යලෙයෙදි ඉන්දියානු සම්භවයක් සහිත යුවතියක් මුණ ගැහෙනවා…ඇය තමා මේ කතාවේ උදාතරුව… ඔව්… ඇය ඌෂා …ඔවුන් ආදරෙන් බැදෙනවා… ඔවුන්ගේ හදවත් එකිනෙකා වෙනුවෙන් අප්‍රමාණ ප්‍රේමයකින් එකතුවෙලා.. ඒ ආදරයත් එක්ක මේ සුදුජාතික හාදයාගේ ජීවිතේ ඉදිරියට යන්න පටන් ගන්නවා…

JD හරිම දක්ෂ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා…. ඔහුයි ඌෂයි එකතුවෙලා එයාලගේ පුංචි පවුලේ දරුවො තුන් දෙනෙක් හදනවා…..

එයාලා ලස්සනට ජිවිතේට මුහුණ දෙනවා… සිහින එකින් එක දිනාගන්නවා.. ආදරෙන් අත් අල්ලගෙන ඒ ගමන ඉස්සරහට එනවා ඔවුන්… JD ඇමරිකානු සෙනෙට් සභාවට තරඟ කරනවා…

ඔහු ඉතාමත් දක්ෂ කථිකයෙක්… හැමෝම ඔහුට ආකර්ෂණය වෙනවා… JD ඇමරිකානු සෙනෙට් සභාවට තරඟකරාට පස්සේ ඔබ හිතන්නේ මොනවා වෙන්න ඇද්ද ? ඔව් ඔබ හිතුවා හරි… ඔහු දිනනවා…

2024 ඇමරිකානු ජනාධිපති සටනේ ට්‍රම්ප් උප ජනාධිපති හැටියට තෝරා ගන්නෙ JD ව… එයට ප්‍රදාන හේතුව JD Vance සතු අපූරු කථිකත්වය. ඔහුගේ ඒ හැකියාව ඉතාමත් ප්‍රභලයි… ඒ වගේම තර්කනයෙ හැකියාව. සූක්ෂම ඉව.. ව්‍යාපාරික මොළය සහ JD ගෙ පවුල් පසුබිම…

දැන් ඌෂා පැත්තට හැරෙමු… ඇය ඔහුගේ ආලෝකය… මොකද බිදුණු පවුලක දරුවෙක් විදියට වැඩුණු JD Vance ගේ ජයග්‍රහණයන් පිටුපස අනිවාර්‍යෙන්ම ඌෂා ඉන්නවා…
JD ගෙ ජීවිතේට ඌෂාගෙ වැදගත්කම බලපෑම ඔහුට මේ මග එන්න නොසැලෙන හයියක්…

කැඩුණු පවුලක මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙච්ච අම්මා එක්ක ජීවත් වෙච්ච JDව ලෝකයම අගය කරන ආදරේ හිතෙන මනුස්සයෙක් කරේ ඌෂාගේ ආදරේ…..

ඉතාම හොඳ ඉගෙනීමක් ලැබුවත් තමන්ගෙ සිහින බලාපොරොත්තු රැකියාව පැත්තට කරල

JD Vance කියන මනුස්සයාගේ ජීවිතයට ආදරය දෙන්නෙ සෙනහස දෙන්නේ ආලෝකය දෙන්නෙ මග කියන්නෙ මේ ඌෂා….

ඔව් යේල් විශ්ව විද්‍යලෙයෙදි මුණ ගැසුණු ඔහු එක්ක ප්‍රේමයෙන් බැඳුණු ඉන්දියානු සම්භවයක් සහිත යුවතිය…ඌෂා….ඇය අද ඇමරිකාවේ උප ජනාධිපති බිරිඳ… Usha Vance…

ඔහුගේ ජයග්‍රහණය අබියස දිලිසෙන ඇස්වලින් බලලා සතුටුවෙන ඇය… මේ වෙනකොට ලෝකයේම අවධානය දිනාගෙන ඉවරයි…

අන්තර්ජාලයෙන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports