නාට්‍ය 18ක් එපා කියපු මේ සුපිරි නිලිය කවුද ? එයා ගැන විස්තරේ මෙන්න…

දමිළ චිත්‍රපටයක වැඩ කළා
සවිනි යකුපිටිය කාලෙකට පස්සෙ පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ආරාධනා දහඅටක් ප්‍රතික්‍ෂේප කරපු ඇය අවසානයේ ‘මාස්ටර් සර්’ එක්ක එකතුවෙනව. අපි සවිනිගෙන් අහල බලමු කොහොමද ඒක සිද්ධ වුණේ කියල.
සවිනි, ‘මාස්ටර් සර්’ට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

මේ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂවයෙක් වන අමිල අයිය තමයි මට ආරාධනා කරන්නෙ ‘මාස්ටර් සර්’ එක්ක එකතු වෙන්න කියල.

නාට්‍ය දහඅටක් එපා කිව්වා
අරාධනය ලැබුණට පස්සෙ මොකද හිතුනෙ?

අම්මෝ… ගොඩක් දේවල් හිතුන. මම චරිතයක් භාරගනිද්දි මාර විදිහට තෝරනව. කැරැක්ටර් එකේ කැපෑසිටි එක කොහොමද, මට ප්ලේ කරන්න තියෙන්නෙ කොහොමද, වගේ ගොඩක් දේවල් හොයල බලනව. මම ප්‍රධාන චරිතය රඟපාන ටෙලි නාට්‍යයක ෂූටිං ඉවර වුණේ සැප්තැම්බර් මාසයේ. පසුගිය මාස හතරෙදි ටෙලි නාට්‍ය දහඅටකට ආරාධනා ලැබුණා. නමුත් මම එකක්වත් භාරගත්තෙ නැහැ.

ඇයි භාර නොගත්තෙ?

ඒ ආරාධනා භාර නොගත්තෙ පෞද්ගලික හේතුවක් නිසා. පෞද්ගලික කිව්වට මම බලනව ඒ චරිත මොන වගේද කියල. මට මොනවද කරන්න තියෙන්නෙ කියල වගේ දේවල්. එහෙම බලනකොට මගෙ හිතට හරියන චරිතයක් තිබුණෙ නැහැ.

නාට්‍ය දහඅටක් එපා කිව්වා
ආරාධනා දහඅටක් ඉවත දාපු එක අපරාධයක් කියල හිතුනෙ නැද්ද?

එහෙමත් නොහිතුනා නෙමෙයි. ඒ වුණත් මට හිතුන ඕන නැහැ කියල, තව ටිකක් ඉවසන්න ඕන කියල. හොඳම දෙයක් වෙනුවෙන් තමයි මම මග බල බල හිටියෙ. අර ඩ්‍රාමා එකෙත් ඉන්නව, මේ ඩ්‍රාමා එකෙත් ඉන්නව, එහෙම වෙන්න කැමති නැහැ. එතකොට ප්‍රේක්‍ෂකයන්ට වගේම මටත් බෝරින් වෙනව.

එහෙම බලාගෙන ඉඳල ඉඳල 2025 අවුරුද්දත් ආවා. ඒත් මං කල්පනා කළා අලුත් අවුරුද්දකුත් එනව. දැන් මම මොකද කරන්නෙ. මෙහෙම ඉඳලත් බැහැ, හොඳ වැඩක් ආවොත් ජනවාරිවල ඉඳන් භාරගන්නව කියල.

පෙරුම් පුරාගෙන ඉඳිද්දි ලැබුණ චරිතය භාරගත්තෙ මොන විදිහටද?

අමිල අයිය මට කෝල් කරල මේ ගැන කියද්දි මම එයාගෙන් ප්‍රශ්න කෝටියක් විතර ඇහුව. ඒ වගේම මම කිව්ව මගේ වැඩ ටික මම මේ විදිහට ප්ලෑන් කරගෙන යන්නෙ, ඒකට බාධාවක් වෙන එකක් නැහැ නේද කියල. ඊට පස්සෙ මම පිටපත් රචක කාවින්ද මලවිආරච්චි අයියටත් කතාකරල චරිතය ගැන ඇහුවට පස්සෙ ඔහු පිටපතත් එව්වා. ඒත් මම හිතනව භාරගන්නවද නැද්ද කියල. රෑ 11ට විතර පිටපත ලැබුණෙ. පාන්දර එක විතර වෙනතුරු කියවල මගේ හොඳම යාළුවො දෙන්නට කතාකරල එයාලගෙනුත් අහල තමයි මම තීරණය කළේ මේ චරිතය භාරගන්නව කියල.

නාට්‍ය දහඅටක් එපා කිව්වා
ෂූටිං අත්දැකීම මොන වගේද?

ෂුටිංවලට ගිහිල්ලත් මම කල්පනා කරනව මේ තීරණය ගැන. මොකද සියයට සියයක් මට හිතාගන්න බැහැ මේ චරිතය මොන වගේ වෙයිද කියල. භාරගත්ත නිසා දාල එන්නත් බැහැනෙ. එතැනදි අරුණ අයියත් කතා කළා. ඊට පස්සෙ සීන්ස් දෙකක් තුනක් ෂූට් කළාට පස්සෙ චරිතයට ආසාවක් ඇති වුණා.

සවිනිත් අසෙනි වගේමද?

පොඩ්ඩක් විතර සමාන දේවල් තියෙනව. ඒ වුණත් අසෙනිට තියෙන්නෙ වෙනස්ම දේවල් ටිකක්.

සවිනි යකුපිටිය කියන්නෙ මොන වගේ චරිතයක්ද?

සවිනි කියන්නෙ ගොඩක් සංවේදී, ඉක්මනට දුක හිතෙන, ගොඩක් කේන්තිත් යන, හරිම ආදරණීය, අහිංසක චරිතයක්.

ඔබ රංගනයට යොමු වුණ ආකාරය ගැන මතක් කළොත්?

මම මුලින්ම කළේ ටීවී වෙළෙඳ දැන්වීම්. ඊට පස්සෙ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්න පටන්ගත්තා.

මේ වන විට ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්?

ඔව්, මේ වන විට රංගනය මගේ වෘත්තිය වෙලා ඉවරයි.

ක්‍ෂේත්‍රය ඔබට දැනෙන්නෙ කොහොමද?

රංගන ශිල්පිනියක් වෙන එක මම පුංචි කාලෙ ඉඳන් දැකපු හීනයක්. හැබැයි ඒක වෙන්නෙ කොහොමද කියල මම දැනගෙන හිටියෙ නැහැ. මොකද අපේ පවුලෙ කවුරුවත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධයක් නැහැ. නමුත් කොමහරි ඒ හීනය සැබෑකරගන්න මට පුළුවන් වුණා. දැනටනම් මම මේ ක්‍ෂේත්‍රයේ වරදක් දකින්නෙ නැහැ.

‘හිත ළඟ හිනැහුනා’ ටෙලි නාට්‍යයේ උදානාට ලැබුණ ප්‍රතිචාර මොන වගේද?

මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ දැනට අවුරුදු තුනකට විතර කලින්. ඒක අවසන් වෙලාත් දැන් අවරුදු එකහමාරකට වැඩියි. නමුත් අදටත් මාව දකින සමහර අය කතාකරන්නෙ උදානා කියල. එදා පටන් අද දක්වාම මේ චරිතයට මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

ගෙදරින් විරුද්ධත්වයක් තිබුණෙ නැද්ද?

මම ක්‍ෂේත්‍රයට එන්නෙ 2021 අවුරුද්දෙ. ඒ කාලෙනම් ගෙදරින් ටිකක් විරුද්ධ වුණා. දැන්නම් එහෙම දෙයක් නැහැ.

සවිනිටත් කැපිලි කෙටිලි තිබුණද?

අම්මෝ… කියන්න බැරිතරම් ප්‍රමාණයක් තියෙනව.

ක්‍ෂේත්‍රය එපාවුණ අවස්ථාත් ඇති?

ඔව්, ඇයි මට මෙහෙම වෙන්නෙ, මොකක්ද දැන් මම කරන්නෙ, තවදුරටත් මේක කරගෙන යනවද කියල හිතුන අවස්ථා තියෙනව. සමහර වෙලාවට ලොකේෂන් එකේදි හොරෙන් අඬල, ගෙදර ඇවිත් හයියෙන් අඬල තියෙනව. හැබැයි ආයෙත් නැගිටිනව. කොහොම හරි මම මේ දේ කරනව කියල හිතනව. මේ කැපිලි කෙටිලි, ප්‍රතික්‍ෂේපවීම් තමයි මාව ඉදිරියට අරගෙන ආවෙ.

සිනමාවටත් ආරාධනා ලැබුණා?

ඔව්, සිනමාවට ආරාධනා ලැබුණා වගේම මම එක වැඩක් කරලත් තියෙනව. ඒක තවම රිලීස් වුණේ නැහැ.

මොකක්ද මේ චිත්‍රපටය?

මේක දමිළ චිත්‍රපටයක්. ඉන්දියන් ප්‍රඩක්ෂන් එකක් එක්ක ලංකාවේ අයත් එකතුවෙලා කරපු වැඩක්. ඩිරෙක්ටර් අරවින්ද සහ ඩීඕපී ඉන්දියාවේ. වැඩිපුරම සමුබන්ධ වුණේ ලංකාවේ අය. රූගතකිරීම් කළේත් යාපනේ. මේක ඉන්දියාවේ තිරගතවෙන එකක්, නමුත් බොහෝ දුරට ලංකාවේත් තිරගත වේවි.

දමිළ භාෂාව පුළුවන්ද?

හොඳටම නම් බැහැ. යම්තාක් දුරකට පුළුවන්.

මහේෂ් එදිරිසිංහ

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 248 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 660 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1053 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 97 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…