බොලිවුඩය කැළඹු සයිෆ් අලී සිද්ධියෙන් සුපිරි නළුවා බේරාගත් පුංචි වීරයා ගැන දන්නවද ?

පසුගිය දා සයිෆ් අලී ඛාන් ඔහුගේ නිවසට ඇතුළු වූ පුද්ගලයකුගේ ප්‍රහාරයට ලක් වීම බොලිවුඩය කැළඹූ පුවත බවට පත් වුණා. ඒ මොහොතේ ගෙල ප්‍රදේශයට හා කොඳු..

පසුගිය දා සයිෆ් අලී ඛාන් ඔහුගේ නිවසට ඇතුළු වූ පුද්ගලයකුගේ ප්‍රහාරයට ලක් වීම බොලිවුඩය කැළඹූ පුවත බවට පත් වුණා.

ඒ මොහොතේ ගෙල ප්‍රදේශයට හා කොඳු ඇට පෙළට එල්ල වූ පිහි පහර හයක් සහිතව වේදනාවෙන් සිටි සයිෆ්ව රෝහලට රැගෙන ගියේ හත් හැවිරිදි තයිමූර් විසිනි.

සයිෆ් මෑතකදී මේ බව සඳහන් කළේ එදින ඔහු මුහුණ දුන් අමිහිරි සිදුවීම පිළිබඳ ආවර්ජනයක් කරමින්ය. එම අවස්ථාවේ කරීනා හෝ වෙනත් වැඩිහිටියකු විසින් එය ඉටු නොකර සත් හැවිරිදි කුඩා දරුවකු වූ තයිමූර් විසින් සිදු කිරීම ගැන සියල්ලන් තුළ පැවතුණු ගැටලුවලට සයිෆ් මෙහිදී පිළිතුරු ලබා දී තිබුණේ මෙසේය.

“ඔහු (තයිමූර්) සම්පූර්ණයෙන්ම සන්සුන් වෙලා හිටියේ. ඔහු හොඳින් හිටියා. ඔහු කිව්වා ‘මම ඔබ සමඟ එනවා’ කියලා. ඒ වෙලාවේ ඔහු දෙස බැලීමෙන් මට ලොකු සැනසීමක් ලැබුණා. මට තනියම යන්න ඕන වුණේ නැහැ. මගේ බිරිඳ ඔහුව එව්වේ ඔහු මා වෙනුවෙන් කරන දේ දැනගෙන. සමහරවිට ඒක එහෙම නොවෙන්න ඇති… ඒ මොහොතේ එය තමයි කරන්න තිබුණ හරි දේ. මට ඒ ගැන හොඳ හැඟීමක් ඇති වුණා. අවාසනාවන්ත ලෙස යමක් සිදුවුවහොත්, ඔහු එහි සිටිනවාට මම කැමතියි කියලා මම හිතුවා. ඔහුටත් එහි සිටීමට අවශ්‍ය වුණා.”
සයිෆ් සහ තයිමූර් රෝහලට යන අතරතුර කරීනා ඔවුන් දෙපළගේ කුඩා පුතු ජේහ්ව ඇගේ සහෝදරිය වන කරිෂ්මා කපූර්ගේ නිවසට රැගෙන ගොස් තිබුණා.

මෙම ප්‍රහාරයෙන් පසු සයිෆ් පැය හයක කාලයක් පුරාවට ප්‍රධාන සැත්කම් දෙකකට භාජනය කරන ලද අතර ඔහුගේ කොඳු ඇට පෙළට භයානක ලෙස සමීපව තිබූ අඟල් තුනක පිහි තලයක් ඉවත් කිරීම ද ඊට ඇතුළත් වුණා.
කොඳු ඇට පෙළට සිදුකළ ප්‍රහාරය ඉතා දැඩි වූවා නම් ඔහු අංශභාග තත්ත්වයට පත් වීමට ඉඩ තිබූ බව ද සයිෆ් මෙම සාකච්ඡාව අතරතුර පිළිගෙන තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports