මේ කෑම කෑවොත් මිග්‍රේන් – ඉරුවාරදය නැත්තටම නැති කරන්න පුළුවන් කියලා දන්නවද

ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික ලෙඩ වලට වඩා වේදනාත්මක ලෙඩක්. ඔලුව නිදහසේ තියෙන්න ඕන කියලනේ කියමනට කියන්නේ, නමුත් ඉරුවාරදය තියෙන අයට ඔලුව නිදහස් කරගන්න..

ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික ලෙඩ වලට වඩා වේදනාත්මක ලෙඩක්. ඔලුව නිදහසේ තියෙන්න ඕන කියලනේ කියමනට කියන්නේ, නමුත් ඉරුවාරදය තියෙන අයට ඔලුව නිදහස් කරගන්න හරිම අමාරුයි.

විශේෂයෙන්ම හැමෝම ඔක්කම දුක් කරදර අමතක කරලා නින්දට වැටෙන රෑට, නිදහසේ නිදාගන්න වත් ඉරුවාරදය නිසා අවස්ථාව නොලැබෙන වෙලාවල් තියෙනවා.

ඉරුවාරදයට කොච්චර බෙහෙත් ගත්තත් වැඩි දෙනෙක්ට මේ තත්වය ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා.

ඉරුවාරදයෙන් සහනයක් ලබන්න ඇති කරගත හැකි ආහාර පුරුදු ටිකකුයි අපි මේ ඔබ සමඟ බෙදා ගන්නෙ. මේ ආහාර වර්ග දිනපත ගැනීමෙන් හිසේ ඇම්ම අඩු කරගත හැකියි.

01. අලිපේර

අලිපේර ගොඩක් තත්වයන්ට ගුණ කෑමක් නේ. අලිපේර වල අඩංගු සියැක්සැන්තින් සහ ලූටේන් වැනි ප්‍රති ඔක්සිකාරක නිසා කුඩා හිසේ රුදාවල් වලින් සහනය ලැබෙනවා විතරක් නෙවෙයි, ඉදිරියටත් ඒවා ඈතින් තියා ගන්න පුලුවන්.

02. අත්තික්කා

අත්තික්කා කියන්නෙ ශරීරයට ඉතාම ගුණ දෙන ආහාරයක්. අත්තික්කා කඩන්න ඕන ළපටි කාලෙදිමයි. පර්‍යේක්ෂකයන්ට අනුව අත්තික්කා වල ඇති පොටාසියම් මගින් හිසේ රුදාව ඈතින් තියනවා.

03. සැමන්

 

ඔමෙගා 3 සහ විටමින් බී 2 වලින් අනූන සැමන් මාලු වලින් සුදු රුධිරාණු ගොණු වීම වළක්වනවා. මේක හිසේ ඇම්මට ප්‍රධාන හේතුවක්.

04. බතල

 

බතල වල ඇති විටමින් සී, විටමින් බී 1 සහ පොටෑසියම් මගින් ඔබට ඉරුවාරදය හා සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඔබේ හිස රිදෙන වෙලාවට බතල කෑමට ගන්න.

05. කැරට් සහ කොමඩු

 

විජලනය කියන්නේ හිසේ රුදාව ඇති වීමට මූලිකවම බලපාන දෙයක්. ඔබේ සිරුරේ ජල ප්‍රතිශතය වැඩි කරගන්න කොමඩු, පිපිඥ්ඥා, කැරට් වැනි එළවලු පළතුරු ආහාරයට ගන්න.

06. බොකුටු ගෝවා

 

‌එහි ඇති අනෙකුත් සියලුම සෞඛ්‍ය ප්‍රථිලාභ වලට අමතරව බොකුටු ගෝවා කියන්නේ මිග්‍රේන් වලටත් හොඳ ඔසුවක්. එහි ඇති ඔමේගා 3 සහ තන්තු මගින් මිග්‍රේන් වලට සහනයක් ගෙන එනවා.

07. යෝගට්

 

පර්‍යෙෂණ වලට අනුව විටමින් බී වල අඩංගු සංඝටකයක් වන, රිබෝෆ්ලැවින් මිග්‍රේන් වලට හොඳ ඔසුවක්. මේ සංඝටකය යෝගට් වල බහුලව තිබෙනවා.

08. ලෙමන් යුෂ

 

ලෙමන් යුෂ කියන්නෙත් සෞඛ්‍ය ප්‍රථිලාභ රාශියක් තියෙන බීමක්. එහි ඇති විටමින් සී නිසා මිග්‍රේන් වලට සහනයක් ගෙන දෙන්න බලපානවා. ඔලුව රිදෙන කොට ලෙමන් යුෂ වලට වතුර සහ සීනි ලුණු ටිකක් එකතු කරල බොන්න.

අමතර එකක්,
කුරුඳු පේස්ට් එක

 

කුරුඳු පොතු කැබලි ටිකක් අඹරලා එයට වතුර ටිකක් දාලා පේස්ට් එකක් හදා ගන්න. මිග්‍රේන් තත්වය ඇති වෙන කොට මේක හිස දෙපස ආලේප කරගැනීමෙන් විශාල සහනයක් අත් වෙනවා.

(ලිපිය උපුටාගැනීම අන්තර්ජාලයෙන් )

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports