මදුරු කරදරෙන් බේරෙන්න මෙන්න ඔයාට නියම ටිප්ස් ටිකක්… Ceylon

ඩෙංගු, බරවා, මැලේරියා වගේ බරපතළ රෝග මදුරුවන්ගෙන් බෝ වෙන භයානක රෝග වෙනවා…මදුරුවා මොනතරම් පුංචි සතෙක් වුණත් අපේ ජිවිතය පවා බිළිගන්න හැකියාව තියෙනවා… මේ නිසා මදුරුවන්ගෙන්..

ඩෙංගු, බරවා, මැලේරියා වගේ බරපතළ රෝග මදුරුවන්ගෙන් බෝ වෙන භයානක රෝග වෙනවා…මදුරුවා මොනතරම් පුංචි සතෙක් වුණත් අපේ ජිවිතය පවා බිළිගන්න හැකියාව තියෙනවා…

මේ නිසා මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ගොඩක් වැදගත් නේද?. හරි එහෙමනම් මේ කියන්න හදන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැනයි… .

මදුරු තලා ශාකය වවන්න

මේක මරු අයිඩියා එකක්… ඉස්සරම කාලේ අපේ පැරැන්ණෝ මදුරුවනව එලවලා දාන්න පාවිච්චි කරපු ඔසුවක් පැලෑටියක් තමයි මේ මදුරුතලා කියන්නේ… නමත් හැදෙන්නෙ ඇත්තේ ඒ නිසා වෙන්නත් ඇති… හරි කොහොමහරි මදුරු තලා කියන්නේ හොඳ මදුරු විකර්ශකයක්. මදුරුතලා ශාකයෙන් එන ගන්ධයට මදුරුවන් පොඩ්ඩක්වත් කැමති නැහැ. මදුරුතලා කොළ පොඩි කිරීමෙන් අවට සිටින මදුරුවන් ඉවත් වි යන බව පැවසෙනවා.

පැඟිරි තෙල්

පැඟිරි තෙල් මිලදී කුප්පියක් ගන්න.. . පැඟිරි තෙල්වල හරිම සැර සුවඳක් තියෙනවා. මේ පැඟිරි තෙල් වලට වතුර මිශ්‍ර කරලා ඔබට ගෙදර වටේ , ඉන්න රූම් එක වටේ ඉසින්න පුළුවන්නේ. එහෙම නැත්නම් පැඟිරි තෙල් ස්වල්පයක් සිරුරේ තැනින් තැන ආලේප කර ගන්නත් පුලුවන්…. මදුරුවො ඔබ වෙතට ලඟා වෙන්නේ නැහැ …. කරලා බලන්නකෝ

දුම් ගැසීම

මදුරු කොයිල් මදුරුවෝ යවාගන්න ලේසියට පාවිච්චී කලාට ඒ දුම විස වෙන්නේ මදුරුවන්ට විතරක් නෙවෙයි. ඒ දුම අපිටත් හානි කරයි. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන දුම් ගැසීම සිදු කරන්න, මදුරුතලා කොළ, දෙහි කොළ, කොහොඹ කොළ ආදිය පිලිස්සීමෙන් නැගෙන දුම මදුරුවන්ට එළවලා දාන්න සමත් වෙනවා.

දෙහි පොතු සහ කරාබු නැටි ආලේප කිරීම

මේකත් සුපිරි අදහසක්… හරිම ස්භාවිකයිනේ… අගුණයක් නැහැ… දෙහි පොතු සහ කරාබු නැටි එකට අඹරල සිරුරේ ආලේප කිරීම මඟිනුත් මදුරුවන් ඉවත් කරගන්න පුළුවන්. දෙහි සහ කරාබු නැටි වලින් එන ගඳට මදුරුවන් විකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් මේවාට වතුර මිශ්‍ර කරලා ඔබේ නිවසේ තැනින් තැනට ඉසින්නත් පුළුවන්. තේරුනානේද?

නිවස සහ මිදුල පිරිසිදුව තබා ගැනීම

තැනින් තැන වතුර පිරෙන ටින්, කෝම්බ ආදිය තියනවනම් මදුරුවන් බෝ වීමේ ප්‍රවණතාවය වැඩි. මේ නිසා ඔබේ මිදුල සතියට වතාවක්වත් හොඳින් පිරිසිදු කරන්න. මදුරුවන් බෝවිය හැකි ස්ථාන අවහිර කරන්න. නිවෙස තුළ තිබෙන වතුර එක් රැස් වෙන ඒ ස්ථානවලට ලුණු හෝ කොන්ඩිස් මුසු කරන්න. ඔබ නොසිතන ස්ථානවල මදුරුවන් බෝ වෙන්න පුළුවන්. කූඹි උගුල්, මල් බඳුන් ආදිය නිතරම පරික්ෂා කරලා බලන්න. පිරිසිදුවට ඔයාගේ නිවස සේවා ස්ථානය තියා ගන්න… මදුරුවෝ අඩුවෙන එක අඩුවෙනවා ශුවර්…

අන්තර්ජාලයෙන්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports