හැමවෙලේම නිදිමත එන එක භයානක රෝගයක පෙර නිමිත්තක් කියලා ඔයාලත් දන්නවාද ?

යාට වෙහෙසක් දැනෙන විට පැය 9 ක පමණ නින්දක් අවශ්‍ය වෙනවා. ඔයා අනපේක්ෂිත ස්ථානවල සහ අනපේක්ෂිත වේලාවන්හි නින්දට වැටී ඇත්නම්, එය ඔබ සෞඛ්‍ය ගැටළුවකින් පෙළෙන බවට ලකුණක් විය හැකියි. ඔයාගේ අධික නින්දේ ගැටලුවට හේතුව ගැන ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍ය වන්නේ එනිසයි. කිසිම අවස්ථාවකදී, පමණට වඩා නින්දයෑම ගැන නොසලකා හරින්න එපා. බොහෝ දෙනා සිතන්නේ මහන්සිය නිසා වැඩි වෙලාවක් නින්ද යනවා කියලයි. නමුත් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් සමහර නරක අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.

ඔයා දිනකට පැය කීයක් නිදාගන්නවාද? ඔයාගේ අධික නින්දට හේතුවන සෞඛ්‍ය තත්ත්වයන් දන්නවද? පැය 12 ක නින්දකින් පසුව පවා අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා.

ඔයා hypersomnia (හයිපර්සොම්නියා) රෝගයෙන් පෙළෙනවා විය හැක
hypersomnia කියන්නේ රාත්‍රී හෝ දිවා කාලයේ නින්ද වැඩි කරවන ප්‍රසිද්ධ තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය නිසා ඔයාට දිවා කාලයේද නිදිමත අත්විඳිය හැක. මෙම තත්ත්වයේදී ඔයා රිය පැදවීමේදී හෝ රැකියාවෙහි යෙදී සිටියදී පවා නින්දට වැටෙනවා. නිර්දේශිත ප්‍රමාණයට වඩා නින්ද ලබා සිටියදී පවා ඔයාට වෙහෙසක් දැනෙන්න පුළුවන්.

ඔයා මානසික අවපීඩනයට පත්වි තිබෙනවා විය හැක
සමහර වැඩිහිටියන් මානසික අවපීඩනය නිසා නින්ද නොයාමේ තත්ත්වයක් අත්විඳින අතර ළමුන් හා යෞවනයන් මෙම තත්ත්වයේදී පමණට වඩා අධික නින්දක් අත්විඳිති. ඔයා අධික ලෙස නිදාගැනීම නොසලකා හැරිය යුතු ලකුණක් නෙමෙයි.

ඔයාගේ හදවත එයට හේතුව විය හැක
ඔයා හෘදයාබාධයකින් පෙළෙන බවට ඇති එක් ලකුණක් වන්නේ අධික ලෙස නිදා ගැනීමයි. දිවා කාලයේ නිදිමතද මෙයට ඇතුළත් වෙනවා. මෙසේ දිවා කාලයේදී නිදිමත වීමට හේතුව අධික ලෙස කාර්යාල වැඩ කර තිබීමම නොවන්න පුළුවන්. ඔයාගේ නින්ද පිළිබඳ ගැටලුව හෘදයාබාධ හා සම්බන්ධ විය හැකි නම් එය වෙන්කර හඳුනා ගැනීම පහසු නැත. මාස 6කට සැරයක් වත් ඔබ හෘද පරීක්ෂණයක් කරන්න.

තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කරන්න
නින්දට බලපාන තයිරොයිඩ් ගැටළු 2 ක් ඇත. එයින් එකක් අධික ලෙස නිදා ගැනීමට හෝ නිතරම වෙහෙසට පත්වීමක් හැඟීමට හේතු වෙයි. Hypothyroidism තත්ත්වය නිසා දිනකට පැය 10 කට වඩා නිදා ගැනීමට සහ දිවා කාලයේ තෙහෙට්ටුව සහ නිදිමත වීමට හේතු වෙනවා. ඔයා වෙනත් සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින්නේ නැති නමුත් නිර්දේශිත පැය ගණනට වඩා නිදාගෙන සිටින්නේ නම්, තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කිරීම නුවණට හුරුයි.

ඔයා රාත්‍රියට පැය 6 කට වඩා අඩු කාලයක් නිදාගෙන සිටී
ඔව්, නිසි කලට නිසි ලෙස (විශේෂයෙන්ම රාත්‍රියේදී) නින්දක් නොලැබීම මගින් අධික ලෙස නිදාගැනීමේ ගැටළු ඇති කළ හැක. ඒ නිසා නිදාගැනීමේ කාලයේදී සන්සුන්ව, විවේකීව හිඳ එය ලබාගන්න ඕනේ.

නින්දේදී ශ්වසනයට බාධා වීම නිසා නින්දට බාධා ඇති විය හැක
නින්දේදී ශ්වසනයට බාධා වීම (sleep apnea තත්ත්වය) නිසා රාත්‍රිය පුරාවට නිනදට බාධා ඇති විය හැක. මේ නිසා දිවා කාලයේ නිදිමතද ඇති වේ. ඔයාට ඕනෑම තැනකම සහ ඕනෑම වේලාවක නින්දට යන්න තරම් නිදිමතක් මෙනිසා ඇති විය හැකිය.

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 184 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 79 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 638 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 83 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 946 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1310 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…