බත් කනකොට වතුර බිව්වට ඒක ශරීරයට හොඳද නරකද කියලා දැන ගත්තේ අදනේ…

ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව..

ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද?

එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවා නම් වඩාත් සුදුසයි. අහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වකුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න.

ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ් රොලික් අම්ලය දිය වෙන්නට පුළුවන්, ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියා කරන හයිඩ් රොලික් අම්ලය දිය වී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැනේද?

ආහාර ජීරණය නිසි පරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට සුළුවන්.

කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වට සිටාවකි.

වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද?

ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට සුළුවන්. ඒ වගේම ආහාර වෙලාවල් අතර තුර කාලයේදී හොඳින් වතුර පානය කිරීමට ද අමතක කරන්න එපා.

ආහාර ජීරණය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය නම් මෙම උපදෙස් පිළිපදින්න.
1. නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න.
2. ආහාර හොඳින් හපන්න.
3. කින්න සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න.

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීරණය වැඩි දියුණු වෙනවා.
උපුටා ගැනීමක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports