කාන්තා තොල්පෙති වල සරාගී බව වැඩි කරන්න ලිප්ස්ටික් එකක් තෝරා ගන්න කලින් ඔබ සැලකිලිමත් වියයුතු මේ දේවල් දැන සිටියාද ?

කාන්තාවන් ගොඩක් කැමතියි තමගේ ලස්සන පවත්වාගන්න.. ඒ අතර රූපලාවන්‍ය නිශ්පාදනවලට හිමිවෙන්නේ ප්‍රබල තැනක්.. කොහොම වුණත් මුහුණේ ලස්සන වැඩිකරගන්න ගොඩක් කාන්තාවන් විවිධ වර්ණවල තොල් ආලේපන භාවිත..

කාන්තාවන් ගොඩක් කැමතියි තමගේ ලස්සන පවත්වාගන්න..

ඒ අතර රූපලාවන්‍ය නිශ්පාදනවලට හිමිවෙන්නේ ප්‍රබල තැනක්..

කොහොම වුණත් මුහුණේ ලස්සන වැඩිකරගන්න ගොඩක් කාන්තාවන් විවිධ වර්ණවල තොල් ආලේපන භාවිත කරනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

අද අප සූදානම් වන්නේ බොහෝ කාන්තා ඔබට ගැළපෙන ලිප්ස්ටික් එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

ලිප්ස්ටික්

රූපලාවණ්‍යය නිෂ්පාදන ගැනීමට වෙළඳපොළට ගිය සැනින් ඇස් රැවටෙන එක හරි සාමාන්‍යයි.විවිධ වර්ණ ඔබව අතරමං කරන බවට නම් සැකයක් නෑ.එනිසාම හරියන පාට තෝරාගැනීම අභියෝගයක් හා සමානයි.

– මිලට ගැනීමට පෙර ආලේප කර බලන්න. ඒ සඳහා ඇඟිලි තුඩු යොදාගත හැකියි.

සමට ගැළපෙන වර්ණ තෝරා ගනිමු

ඔබේ සම පැහැපත් සමක් ( Fair skin ) නම් පැහැපත් සහ අඳුරු යන වර්ණ අතර පිහිටි ලා දුඹුරු ,තැඹිලි වැනි වර්ණ ඔබට ගැළපෙයි.වඩාත් අඳුරු වර්ණ හෝ වඩාත් ලා පැහැති වර්ණ ඔබේ ලස්සන සඟවයි…

ලා දුඹුරු පැහැති සමක් ( Wheat complexion ) එනම් තිරිඟු පැහැති සමක් ඔබට හිමියි නම් දුඹුරු පැහැයේ සිට ඇති වර්ණ ඔබේ දෙතොල හැඩකරනවා..

තරමක් අඳුරු වූ ( Dusky colour ) සමකට වඩාත් සුදුසු වන්නේ දුඹුරු සහ Berry පැහැති තොල් ආලේපන වෙනවා..

වඩාත් අඳුරු වූ ( Dark colour ) සමක් නම් එවැනි දෙතොලකට දුඹුරු ,දම් ,රතු වැනි වර්ණ ගැලපෙනවා..

සමෙහි පැහැයට අමතරව ඔබ අඳින ඇඳුම ,අදාළ ස්ථානය ( wedding ,party ,office ) සහ අදාළ අවස්ථාව පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා.. එමෙන්ම ඔබේ අනිකුත් රූපලාවණ්‍යය භාවිතයන් පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් වෙනවා.. ඔබට සියල්ලටම වඩා දෙතොල්වලට අවදානයක් යොමුවීම අවශ්‍ය ද,ඇස්වලට අවදානය අවශ්‍ය ද යන කරුණු පිළිබඳව ද සැලකිලිමත් වීම සුදුසුයි..

නිවැරැදිව ආලේප කරමු

ඕනෑම යමකින් හොඳ නිමාවක් දැකිය හැක්කේ එය පිරිසිදු මතුපිටක ඇති විටයි.. එනම් තොල් ආලේපන භාවිතා කිරීමට පෙර ද දෙතොල්හි ඇති මැරුණු සම ඉවත් කළ යුතුයි.. ඒ සඳහා ලිප් බාම් ස්වල්පයක් ,සුදුසු ඔයිල් ස්වල්පයක් යොදාගත හැකියි.. එමෙන්ම අලුත් වර්ණයක් ගැල්වීමට ප්‍රථම කලින් භාවිතා කළ වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ද වැදගත් වෙනවා..

Lip brush : මෙමඟින් තොල් ආලේපන ගැල්වීම ඔබට කළ හැකිය.අනවශ්‍ය ලෙස පිටතට නොයා ආලේප කිරීමට එය ඔබට උපකාරී වෙනවා..

Lip liner : දෙතොලේ හැඩය වඩාත් විශාල හෝ සිහින් කිරීමට මෙය ඔබට උපකාරී වෙනවා.. ස්වභාවික පෙනුම වැඩිකර දෙතොල්වල ඇති අඩුපාඩු මනාව සකසයි… ඔබ භාවිතා කරන ආලේපනයට වඩා තද පැහැයකින් මෙය තෝරාගැනීම වඩාත් සුදුසු වෙනවා..

Lip gloss : දෙතොල්වලට තෙතමනයකින් යුතු දිලිසෙන නිමාවක් මෙයින් ලබාදෙයි..

ආලේප කළ පසු වැඩියෙන් ඇති ලිප්ස්ටික් ඇඟිල්ලක් ආධාරයෙන් හෝ ටිෂූ කඩදාසියක් තබා ඉවත් කළ හැකියි… එමෙන්ම පවුඩර් ස්වල්පයක් දමා නැවත ආලේප කිරීම හොඳ නිමාවක් ගෙනෙයි… වැදගත්ම කරුණ නම් නිතර ඔබේ බෑගයේ එදිනට අදාළ වර්ණයෙන් යුතු ලිප්ස්ටික් එක රැගෙන යාමයි..

අන්තර්ජාලය ඇසුරෙන්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports