මේ දේවල් කරොත් හාට් ඇටෑක් ඇති වෙනවා බොරු…

ජනතාවගෙන් වැඩි පිරිසක් මරණයට පත් වන්නේ හාට් ඇටෑක් වලින්. ඔබ ගන්නා ආහාර වලින් ඔබට රුධිර පීඩනය,කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්.මේ නිසා ඔබට හාට් ඇටෑක් ඇති වීමේ..

ජනතාවගෙන් වැඩි පිරිසක් මරණයට පත් වන්නේ හාට් ඇටෑක් වලින්.
ඔබ ගන්නා ආහාර වලින් ඔබට රුධිර පීඩනය,කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්.මේ නිසා ඔබට හාට් ඇටෑක් ඇති වීමේ අවධානමද ඉහල යනවා.එහෙනම් අපි බලමු හාට් ඇටෑක් ඇති වීමේ අවධානම අඩු කර ගන්න උපකාරී වෙන ආහාර වර්ග මොනවාද කියලා.

කොළ පාට පළා වර්ග
නිවිති,කතුරුමුරුංගා හා මුකුණුවැන්න ඛනිජ ලවණ වලින් මෙන්ම ප්‍රති ඔක්සිකාරක වලින් බහුල ආහාර වෙනවා.පළා වර්ග වල විටමින් K අඩංගු වෙලා තියෙනවා.විටමින් K හාට් ඇටෑක් ඇති වීමේ අවදානම අඩු කරනවා.ඒ වගේම නයිට්ට්‍රේට් අඩංගු නිසා රුධිර නාල සිහින් වීම වලකා ධමනි වල ස්‍යිල වල ක්‍රියාකාරිත්වය ඇති කර රුධිරයේ පීඩනය හොද මට්ටමක පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.

පූර්ණමය ධාන්‍ය වර්ග
මේවායේ නිවුඩ්ඩ අන්තර්ගත නිසා පෝෂ්‍ය ගුණයෙන් අනූන වෙනවා.තිරිගු,ඕට්ස්,රතු සහල්,බාර්ලි ආදියෙහි තන්තු අඩංගු නිසා සිරුරට අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු කරන අතර එමගින් හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කරනවා.

අලිගැටපේර
හෘදයේ ක්‍රියාකාරිත්වය හොදින් පවත්වාගෙන යාමට අලිගැටපේර උපකාරී වෙනවා.එක් අලිගැටපේර ගෙඩියක පොටෑසියම් ලවණ මිලිග්‍රෑම් 975ක් පමණ අන්තර්ගත වෙනවා.මේ ප්‍රමාණය දයිනික පොටෑසියම් අවශ්‍යතාවයෙන් 28%ක්.අඩුම තරමෙන් දිනකට පොටෑසියම් 4.7g පමණ ලබා ගත හැකි රුධිර පීඩනය වගේම අංශභාගය ඇති වීමේ අවධානම අඩු කර ගන්න පුළුවන්.

හිතකර මේද සහිත මාළු සහ මෝර ගුලි
සැමන්,මැකරල්සාඩින් හා ටූනා වර්ගයේ මාළු වල ශරීරයට හිතකර ඔමේගා 3 මේද වලින් සමන්විත වෙනවා.මේ මගින්ද ඔබගේ රුධිර නාල වල ක්‍රියාකාරිත්වය ඇති කර හෘදයාබාධ ඇති වීමේ අවධානම අඩු කරනවා.

වෝල්නට්
තන්තු,මැග්නීසියම් ,තඹ සහ මැන්ගනීස් වගේ ගුණදායක පෝෂ්‍ය ගුණයෙන් අනූන ඇට වර්ගයක් තමයි වෝල්නට් කියන්නේ.වෝල්නට් වලට අහිතකර LDL කොලෙස්ටරෝල් 16%කින් පමණ අඩු කර ගන්න පුළුවන්.ඒ වගේම මේ ආහාරය රුධිර පීඩනය අඩු කරන්නත් ඒ නිසා හෘදයාබාධ ඇති වීම වළක්වා ලීමටත් උපකාරී වෙනවා.

බෝංචි වර්ග
බෝංචි වර්ග වල ජීර්ණය නොවන පිෂ්ඨ වර්ග අන්තර්ගත වෙනවා.එමගින් ඔබේ ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා වර්ධනය කරනවා.ජීර්ණය නොවන පිෂ්ඨ කොටස් වලට හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටත්,කොලෙස්ටරෝල් අඩු කිරීමටත් පුළුවන්.මේ වගේ රනිල බෝග ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනයෙන් මිදී හෘදයාබාධ ඇති වීම වලක්වා ගන්නත් ඔබට පුළුවන්.

ඩාක් චොකලට්
ඩාක් චොකලට් ප්‍රති ඔක්සිකාරක බහුල ආහාරයක්.මේ ප්‍රති ඔක්සිකාරක හෘදයේ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න උදව් වෙනවා.මේ මගින් කිරීටක ධමනියේ රෝග ඇති වීමෙ හැකියාව අඩු වන අතරම ධමනි වල කැල්සියම් තැම්පත් වීමද අඩු වෙනවා.

තක්කාලි
ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක් වන ලයිසොෆීන් නැමැති ස්වභාවික වර්ණකය තක්කාලි වල අඩංගු වෙනවා.රුධිරයේ ලයිසොපීන් අඩු වීමෙන් හෘදයාබාධ මෙන්ම අංශභාග තත්ව ඇති වෙනවා.මේ නිසා සතියකට 4 වතාවක්වත් අමු තක්කාලි ආහාරයට ගැනීමෙන් රුධිරයේ කැටි ඇති වීම වලකන හිතකර HDL කොලෙස්ටරෝල් වැඩි කරගෙන ඔබට හෘදයාබාධ වලින් වැලකී සිටිය හැකිය.

ආමන්ඩ්
ආමන්ඩ් කියන්නේ විශාල ලෙස විටමින් හා ඛනිජ ලවණ වලින් බහුල ආහාරයක්.මේ මගින් රුධිරයේ මේද මට්ටම අඩු වී අහිතකර කොලෙස්ටරෝල් වලින්ද ඔබව මුදවනවා.ඒ වගේම ආමන්ඩ් රුධිර නාල වල රුධිර කැටි ඇති වීම වලකාලීමට සමත් වෙනවා.

සුදු ළූණු
සුදු ළූණු වල අඩංගු ඇලිසීන් හෘදයාබාධ ඇති වීම වලකාලයි.මේ මගින් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර රුධිර පීඩනය නිසි පරිදි පවත්වාගෙන යාමටත් උපකාරී වෙනවා.සුදු ළූණු වලට රුධිර කැටි ඇති වීම වලක්වා ලීමට හැකි නිසා අංශභාග රෝගී තත්ත්වයන් ඇති වීමේ අවධානම ද අඩු කරයි.මේවා අමුවෙන් කෑමෙන් හෝ තම්බා ආහාරයට ගැනීමෙන් ඇලිසීන් වැඩි ප්‍රමාණයක් සිරුරට එකතු කර ගන්න පුළුවන්.

ඔලිව් තෙල්
අධි රුධිර පීඩනය වලක්වා ලීමට හැකි ඔලිව් තෙල් විනාකිරි,දෙහි යුෂ සමග ආහාරයට ගැනීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.

ග්‍රීන් ටී
අමතර මේදය දහනය කිරීම,ඉන්සියුලීන් වලට දක්වන සන්වේදනය වැඩි කිරීම වැනි ප්‍රතිලාභ ග්‍රීන් ටී පානය කිරීමෙන් ලැබෙනවා.ග්‍රීන් ටී වල ප්‍රති ඔක්සිකාරක අඩංගු නිසා හෘදයාබාධ ඇති වීමෙන් සිදු වන ජීවිත හානිය වලක්වා ගන්න පුළුවන්.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports