ඔයාටත් කොණ්ඩෙ ඉදෙන එක ප්‍රශ්නයක් වෙලාද තිබ්බේ ? මෙන්න විසඳුම….

කොණ්ඩේ අපේ රූපයට හරිම වැදගත් නේද? ඒත් තරුණ කාලේදිම අතරි පතර කෙස් සුදුවෙන්න ගත්තොත්… ඒක මානසිකව වුණත් හරිම වදයක් බවට පත්වෙනවා… අද අපි කතා කරන්න..

කොණ්ඩේ අපේ රූපයට හරිම වැදගත් නේද? ඒත් තරුණ කාලේදිම අතරි පතර කෙස් සුදුවෙන්න ගත්තොත්…

ඒක මානසිකව වුණත් හරිම වදයක් බවට පත්වෙනවා… අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන…

සම මෙන්ම හිසකෙස්වලද විශේෂ වර්ණක සෛල මඟින් නිපදවන මෙලනින් හේතුවෙන් වර්ණයක් ලබා දෙනවා… මෙය විවිධ ජාතීන්ට අයත් විශේෂත්වයන් මෙන්ම පාරම්පරික ආවේණික තත්ත්වයන් මත විවිධ විය හැකයි.

දුඹුරැවන් කෙස් ඇති වීම, වර්ණ කීපයක් වීම ආදිය ඒ අනුව වෙනස් වෙනවා… වර්ණක සෛල ක්‍රියා විරහිත වීම හිසකෙස් සුදු පැහැ වීමට හේතු වෙනවා… මෙය වයසත් සමඟ ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක්…. නමුත් මෙයින් පරිභාහිරව බාල හා තරුණ වියේදී හිසකෙස් සුදුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා…

රූසපුව ගැන උනන්දු වන සෑම කෙනෙක්ම විශේෂයෙන් කාන්තා පාර්ශවය තම හිසකෙස් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා… ඒ හිසකෙස් හා සමෙහි නිරෝගී බව, තරැණ පෙනුම රැක ගැනීමට වැදගත් වන නිසා…

හිසකෙස්වල වර්ණය වෙනස් වීමට අපගේ ජාන ක්‍රියාකාරීත්වය ද බලපෑම් ඇති කරනවා… මව්පියන්ගේ හිසකෙස් වයසට යාමට පෙර සුදු වී ඇත්නම් දරුවන්ගේ ද තරුණ අවදියේදීම හිසකෙස් සුදු වීමට පටන් ගන්නවා… නමුත් මෙය අනිවාර්යයෙන්ම මෙසේ සිදු නොවන අතර එසේ වීමට ඇති හැකියාව වැඩියි…

මීට අමතරව අකලට හිසකෙස් සුදු වීමට බලපාන හේතු අතර පහත කරුණද ප්‍රබලව බලපානවා…

මන්දපෝෂණය

රක්ත හීනතාවය

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම

දුම්පානය

ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද හිසකෙස් සුදු වෙනවා…

බහුලවම පිළිකා හා ඒඩ්ස්වලට ප්‍රතිකාර කිරීමේදී මේ තත්ත්වය ඇතිවන බව සොයාගෙන තිබෙනවා…

මීට අමතරව පීනස වැනි රෝග තත්ත්ව, වායු සමීකරණය කරන ලද කාමරවල දිගු කාලයක් සිටීම, අධික සීතල වතුර සහ රාත්‍රී කාලයේදී නෑම, නිදි මැරීම, පිනි බෑම, විෂ සහිත ආහාර පාන භාවිතය, සමබර ආහාර වේලක් නොගැනීම, මානසික ආතතිය, අවිවේකී බව යන කාරණා එයට හේතුවෙනවා…

හිසකෙස් වර්ණ ගැන්වීම, අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ භාවිතය ආදියද මේ සඳහා හේතුවිය හැකියි..

ජානමය හේතු මත අකලට හිසකෙස් සුදු වීම පාලනය අසීරැ වුවද ආරම්භයේ සිටම හිසකෙස්වලට සත්කාර සිදු කිරීම, නිවැරදි ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම මඟින් යම් දුරකට පාලනය කරගන්න පුළුවන්…

හිස සහ හිසකෙස්වලට ඖෂධීය තෙල් සත්කාර සිදු කිරීම අනිවාර්ය අංගයක් ලෙස ආයුර්වේදයේදී දක්වා තිබෙනවා… තෙල් ගෑම අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙසින් ද විශේෂත්වයක් දක්වා තිබෙනවා…

මෙය හිස සහ හිසකෙස් ආශ්‍රිතව බොහෝ රෝගයන්ට පිළියමක් ලෙස දක්වන්න පුළුවන්…

දිනපතා හිසට තෙලක් එක් කිරීම සුදුසු බව ආයුර්වේදයේ සඳහන් කර තිබෙනවා…

වර්තමානයේදී අපගේ කලබලකාරී ජීවන රටාව නිසා නිතරම මානසික හා ශාරීරික අවිවේකී බව, රෝගයන් බොහෝමයක් මෙන්ම කෙස් සුදුවීමටද නිසැකයෙන්ම බලපෑම් ඇති කරනවා…

එබැවින් මේ සඳහා විය හැකි හේතු සොයා බලා හේතුවට අනුව ජීවන රටාව වෙනස්කර ගැනීම ඉතා වැදගත් වෙනවා.. එක් එක් පුද්ගලයන්ට විවිධ හේතු නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවෙන බව කිවයුතුයි…

ආහාර පානවල පෝෂණීය වැදගත්කම, නින්ද, ස්නානය කරන වෙලාව හා පීනස වැනි රෝග තත්ත්ව තිබේනම් ඒවාට නිසි පිළියම් ලබා ගැනීම ආදිය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි…

එක් එක් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රකෘතිය අනුව මෙහිදී ආයුර්වේදයට අනුව ඖෂධ නියම කරනවා…

ඖෂධීය තෙල් වර්ග ද රෝගියා අනුව වෙනස් වෙනවා…

ඒ වගේම මෙන්න මේ දේවල් කරන්න පුළුවන්…

දෙහිගැට, උළුහාල් තම්බා හිස සේදීම

වෙරළු කොළ යුෂ මඟින් හිස සේදීම

පොකරැ වදමල් ජලය සමඟ අඹරා ආලේප කිරීම

ආදිය නිවසේදී කළ හැකි ඉතා සාර්ථක ප්‍රතිකාර . ඔබත් අකලට හිසකෙස් සුදු වීමෙන් පීඩා විඳිනවානම් වහාම ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගන්න.

දේශය පුවත්පතෙන්….

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports