” දෙයියනේ… කාගෙද ඒක..” අතක් වැදිලා වෙච්චි දේ නිසා මනාලිය දැක්ක මනමාලයාට මගුල දවසේ එලෝ පොල් පෙනෙයි.

මේකප් නොමැතිව මනමාල මහතාගේ නිවෙසට කැන්දන් ආ මනාලියක දැක ඥාතීන් වික්ෂිප්ත වූ කතාවක් දකුණු පළාතේ බටහිර ගිරුවාපත්තුවේ ගමකින් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේය. ඔහු ගැමි පරිසරයක..

මේකප් නොමැතිව මනමාල මහතාගේ නිවෙසට කැන්දන් ආ මනාලියක දැක ඥාතීන් වික්ෂිප්ත වූ කතාවක් දකුණු පළාතේ බටහිර ගිරුවාපත්තුවේ ගමකින් වාර්තා වෙනවා.
සිද්ධිය මෙසේය.

ඔහු ගැමි පරිසරයක ජීවත් වූ විවාහක වයස මුහුකුරා යමින් සිටි තරුණයෙකි.

පාසල් අධ්‍යාපනය 11 වසරෙන් නිමා කළ හෙතෙම ඉඩමේ ඇති තේ වගාවෙන් සහ කිතුල් මල් මැදීමෙන් නිපදවන කිතුල් පැණි වෙළෙදාමෙන් ලබන ආදායමෙන් ජීවන වෘත්තිය ගෙන ගියේය.

කල වයස ඉක්ම යන නිසා සුදුසු විවාහයක් කර දෙන ලෙස මොහුගේ මව, ඇයගේ මල්ලීගෙන් කළ ඉල්ලීමකට අනුව දුර ගම්මානයක ජීවත් වන තරුණියක ගැන මගුල් ඔත්තුවක් ආවේය.

මනාලිය බැලීමට මාමා සමග මෙම තරුණයා එක් දිනක් මනමාලියගේ නිවෙසට ගියේය.

දුෂ්කර ගම්මානයක ජීවත් වුවද, මනමාලිය ඉතා සුන්දර නිසාත්, දායාද සඳහා විශාල මුදලක් සහ දේපළ ලැබෙන නිසාත්, තමාගේ වයස මුහුකුරා යන නිසාත් විවාහය සඳහා ඔහු මනමාලියගේ මව්පියන්ට කැමැත්ත පළ කළේය.

දෙපාර්ශවයේ යෝජනා පරිදි, සුබ නැකැත් ඇති ළඟ දිනයකදී විවාහ උත්සවය මනාලියගේ ගමට ආසන්න නගරයේ සාමාන්‍ය උත්සව ශාලාවකදී පැවැත්වීමට කටයුතු යෙදිණ.

දෙපාර්ශවයේ ඥාති මිත්‍රාදීන් සියයකට මංගල උත්සවයට ආරාධනා කිරීමටද කටයුතු යොදා තිබුණි.

උත්සව දිනයේ මංගල උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර අවසන් කර, කෑම බීම සංග්‍රහ විඳීමෙන් පසුව මදුවිතෙන්, බමන මතින් උද්දාම වී සිය රංගන කුසලතා එළදැක්වීමේදී යහළු පිරිස කළ ඇරියුමට මනමාලියටද මනමාල මහතාටද නටන්නට සිදු විය.

දීර්ඝ වේලාවක් නැටුම පැවැති අතර, පිරිස අතරින් හිටි හැටියේ මනමාල මහත්මිය අතුරුදන්වීමක් සිදු විය. මේ නිසා මනමාල මහතාද අන්ද මන්ද වී මනමාල මහත්මිය සොයන්නට විය.

හෝටලය සිසාර සොයා බැලු‍වද මනාලිය නොවූ නිසා, මේකප් කිරීමට උපයෝගී කරගත් හෝටල් කාමරයට ගොස් විපරම් කළේ සැකයටය.

හිස මුඩුකරගත් මනාලිය දැක මනමාල මහතා පුදුමයට පත්විය. “ඇයි මේ මොකද..? ඔහු ප්‍රශ්න කළේය.

ලජ්ජාවෙන් ඇඹරෙමින් හිස එසවූ මනමාලිය,“නටන අතරේ මගේ බොරු කොණ්ඩය කාගෙද අතක් වැදී ගැලවිලා විසි වුණා. ඒක අහුලා ගෙන තියාගන්න බැරි වුණා. ඔයාට ලජ්ජාවෙන නිසා මම කාමරයට ආවා. මගේ හිස කෙස් උදුගොව්වො කෑම නිසා බොරු කොණ්ඩයක් පාවිච්චි කරලයි සිටියේ. ඔයාටවත් ඒ බව මම කිව්වෙ නැත්තෙ කලක් යන කොට හිසකෙස් වැවෙයි කියා වෙද කම් කළ අය කී නිසයි. අනේ අපි දැන් ගෙදර යමු. නෑදෑයන්ට හොරා ගෙදර යමු…”ඇය පිංසෙන්ඩු වූවාය.

සිදු වීම ගැන කනගාටුවටත්, ලජ්ජාවටත්,පත් වූ මනමාල මහතා,“කමක් නෑ” කියද්දීම මනමාලියගේ මව විසි වී හෝටලයේ මුල්ලක තිබූ දියණියගේ බොරු කොණ්ඩය කාමරයට ගෙන ආවාය.

ප්‍රශ්නයට විසදුමක් ලැබුණ නිසා ඇයත් ඔහුත් උත්සව සභාවට එක් වූහ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports