තාලෙට සිංදුවක් කියා ගන්න බැරි උන් ලොකු ටෝක් දෙද්දි පදවිය පැත්තේ ගමක තිබ්බ ශෝ එකක ගුණදාස කපුගේ මහත්තයා කරපු දේ…

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.

“මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.

“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.

කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
කපුගේ අත දිගු කරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
“ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
අමරසිංහ කියනවා.
“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
“සර්…“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි.
” සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන ”

මේ පෝස්ට් එක අපේ රට පේජ් එකේ මීට කලින් දාපුවම ඒකට කමෙන්ට් කරා ඔය කපුගේ මහත්තයලා ආපු සංගීත සංදර්ශනයක සංවිධානය කරපු කෙනෙක්ගේ පුතෙක්. ඉදාර ලහිරු කියලා..
ඔය පහතින් තියෙන්නේ එයා දාපු කමෙන්ට් එක.

“අපේ මාමා කිව්වා එගොල්ලෝ සංවිධානය කරපු සංගීත සංදර්ශනයක කපුගේ මාස්ටර්&දිවුල්ගනේ රු500ගානේ 1000 දෙන්න තිබිලා 900 තිබිලා තියෙන්නේ කලින් දිවුල්ගනේ සිංදු කියන්න ඉදලා 400 තියෙන්නෙ හෙට උදේට දෙන්නම් කිව්වමත් බැහැ කියලා..කපුගෙ මාස්ටර් ඒක අහලා අවුලක් නෑ කියලා සිංදු කියලා පොර සද්ද නොකර යනවලු සත පහක් වත් ගන්නේ නැතුව..දුවලා ගිහින් සල්ලි දෙන්න හදනකොට අමාරුවෙන්නේ මල්ලි කරන්නේ ඔය සල්ලී තියා ගන්න ලබන් අවුරුද්දේ ආවම සල්ලි ගන්න බැරියැ ඔගොල්ලො නිසානේ අපි ජීවිත් වෙන්නේ කියලා ගිහින්..

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 43 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 630 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 132 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 718 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 91 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1019 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…