Uncategorized

‘ මං මගේ අන්තිම හුස්ම වෙනකල් ඔයාට ගොඩාක් ආදරෙයි ‘ නොසිතු මොහොතක ජීවිතේට සමු දුන් ඇය ගැන ඔහු සංවේදි වෙයි…

ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති.. අපේ මේ ජීවිත කතාව ඇතුළේ තියෙන්නේ යාම් සහ ඒම් පමණයි…

ඒ කතාව සත්‍යක් වුණත් අපි ආදරේ කරන කෙනෙක් නික්ම ගියාම ඇත්තටම ඒ දුක දරාගන්න ටිකක් අමරුයි නේද..? මේ අන්න ඒ වගේ කඳුළින් අවසන් වුණු ආදර කතාවක්.. ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති..

කාලයක තිස්සේ අසනීප වෙලා හිටිය ඇ‍ය, ඒ පෙම්වතිය දැන් ඔහු ළඟ නැහැ.. හදිසියේම ජීවිතයෙන් සමුගත් ඇය වෙනුවෙන් කසුන් මෙන්න මේ විදිහේ සංවේදී සටහනක් ලියා තිබුණා..

කාලයට මොන තරම් දේවල් වෙනස් කරන්න පුළුවන් වුණත්, ඔහුට ඇයව සැමදාමත් මතකයේ රැදෙන චරිතයක් වේවි..

“නිවන් සුව මගෙ රත්තරං මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වචනෙකින්වත් වැරැද්දක් නොකර ඉන්න අහිංසකම මිනිස්සු තමයි ඉස්සර වෙලම මේ ලෝකෙන් අරන් යන්නේ .
ඔයා හැමදාම අහනවා මාව බලන්න එන් නැද්ද ඔයා මට ආදරේ නැද්ද ඔයා මාව අතඅරින් නෑ නේද ඔයාට මාව එපා වෙයිද කියල ඔයා මගෙන් හැමවෙලේම ඇහුවා මං හැමදාටම ඔයාට ඉස්සර වගේම ආදරෙයි රත්තරං අදටත් මං වැඩුපුරම කැමති ඔයා එක්ක ඉදපු තත්පරවලට ආයෙ කිසිම ආත්මෙක මෙහෙම දෙයක් නම් වෙන්න එපා.. මං මගෙ අන්තිම හුස්ම වෙනකන් ඔයාට ගොඩාක් ආදරෙයි අපේ ලස්සන මතක, එකට ගෙව‍ු මොහොතවල් මේ හැමදේම හරි ලස්සනට මන් ලග තියේවී… මතු භවයක අපි නැවත ආයෙ හම්බෙනකන් මන් බලන් ඉන්නව ආයෙත් ඔය පපුවට තුරුල් වෙන්න ඉස්සර වගේ මං එනකන් පරිස්සමින් ඉන්න… ආදරෙයි මැනික..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button