කෑම කාපු ගමන් වැසිකිලි යන්නට වෙන මේ අමුතුම ලෙඩේ ඔයාටත් තියෙනවද?

ආහාර ගත් වහාම වැසිකිළි යෑමේ අවශ්‍යතාවෙන් පෙළෙන පුද්ගලයෙක්ද,

එසේත් නැත්නම් නිතරම බඩ පිපීම හෝ මලබද්ධයට ගොදුරුවන අයෙක්ද, ඇතැම් විට මෙවැනි රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් ඒවා ගැස්ට්‍රයිටීස් වශයෙන් වරදවා වටහාගත්තත් සැබෑවටම ඒවා ගැස්ට්‍රයිටිස් හේතුවෙන් නොව ඉරිටබල් බොවෙල් සින්ඩ්‍රෝමය හෙවත් IBS හේතුවෙන් හටගන්නක් විය හැකියි.

මොකක්ද මේ අමුතු ලෙඩේ?
ඉරිටබල් බොවෙල් සින්ඩ්‍රෝමය (IBS) යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන පොදු ගැටලුකාරී තත්ත්වයකි. එමඟින් බඩේ කැක්කුම, බඩ පිපීම, බඩ බුරුලට යෑම සහ මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර මෙම රෝග ලක්ෂණ කාලයත් සමඟ වරින්වර ඇති වෙමින් නැතිවේ.

එමෙන්ම ඇතැම්විට එම තත්ත්වය එක දිගට දින, සති හෝ මාස ගණනක් පැවැතිය හැකිය. නමුත් ඇතැම් පුද්ගලයන්ට එය ජීවිත කාලය පුරාම පවතින ගැටලුවක්ද වීමේ සම්භාවිතාවක් ඇත.

මෙම තත්ත්වයට මුහුණ දී සිටින්නන් හට එම රෝගය සමඟ ජීවත් වීම හේතුවෙන් කලකිරීමට පත්විය හැකි අතර එය එම රෝගීන්ගේ එදිනෙදා ජීවිතයට විශාල බලපෑමක් ඇති කරන තත්ත්වයක් විය හැකියි.

නමුත් රෝගියන්ට මෙම ඉරිටබල් බොවෙල් සින්ඩ්‍රොම තත්ත්වය ඇති වීමට බලපාන නිශ්චිත හේතුවක් මෙතෙක් හ¾දුනාගෙන නොමැතිය. එය ඇතැම් විට බඩවැල හරහා ඉතා ඉක්මනින් හෝ ඉතා සෙමින් ආහාර ගමන් කිරීම, බඩවැලේ ඇති අධික සංවේදී ස්නායු, ආතතිය සහ IBS හි පවුල් ඉතිහාසය වැනි හේතු මත ඇතිවන්නක් විය හැකියි.

ඉරිටබල් බොවෙල් සින්ඩ්‍රොමයේ රෝග ලක්ෂණ
IBS හි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ බඩේ ඇතිවන කැක්කුමයි. මේ කැක්කුම – සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසු වැඩි වන අතර මලපහ කිරීමෙන් පසුව අඩු වේ. එමෙන්ම මෙහිදී බඩ පිපීම සිදුවිය හැකි අතර එහිදී උදරය අපහසුකාරී ලෙස පිරී ඇති බවක් සහ ඉදිමුණු බවක් දැනීමේ හැකියාවක් තිබේ. ඊට අමතරව කෑමගත් විගස මල පහ කිරීමට යෑම, ඇතැම් විට දෙතුන් වරක් උදාහරණයක් ලෙස උදේ කෑමට පෙර වැසිකිළි ගොස් නැවත කෑමගත් විගසම වැසිකිළියට යෑම වැනි ලක්ෂණද මෙහිදී දැක ගත හැකිවේ.

එමෙන්ම ඉරිටබල් බෙවොල් සින්ඩ්‍රොම තත්ත්වයේදී බඩ බුරුලට යෑමේ තත්ත්වයටද මුහුණදීමට සිදුවිය හැකියි. මෙහිදී තරමක් දියාරූ ගතියකින් යුතු මලපහ ඇති විය හැකි අතර ඇතැම් අවස්ථාවල හදිසියේම මලපහ කිරීමට සිදුවේ. ඊට අමතරව මෙම රෝගී තත්ත්වයේදී මලබද්ධයද ඇති වීමේ හැකියාව පවතී. එහිදී මලපහ කරන විට වෙහෙසට පත් විය හැකි අතර බඩවැල් සම්පූර්ණයෙන්ම හිස් කළ නොහැකි බව දැනේ.

IBS හි අනෙකුත් රෝග ලක්ෂණ
– වාතය පිටවීම
– ගුද මර්ගයෙන් සෙවල වැනි දෑ පිටවීම
– තෙහෙට්ටුව සහ ශක්තිය නොමැතිකම
– ඔක්කාරය
– කොන්දේ කැක්කුම
– මුත්‍රා කිරීමේ ගැටලු, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, හදිසියේ මුත්‍රා කිරීමට අවශ්‍ය වීම සහ මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කළ නොහැකි බව දැනීම.
– මලපහ කරන්න අවශ්‍ය වූ විටම මලපහ පිට කිරීමට සිදුවීම, සෑම විටම පාලනය කිරීමට නොහැකි වීම.

නමුත් ඒ සමඟම කිසිම හේතුවක් නොමැතිව බර අඩු වීම, ගුද මාර්ගයෙන් ලේ ගැලීම හෝ ලේ මිශ්‍රව හෝ කළු පාටට බඩ බුරුලට යෑම, බඩේ තද ගැටිත්තක් හෝ ඉදිමීමක් තිබීම, හුස්ම හිරවීම, පපුව ගැහීම, සම සුදුමැලි වීම වැනි තත්වයන් ඇති වේ නම් එය IBS තත්ත්වය නොව වෙනත් භයානක තත්ත්වයක් විය හැකි බැවින් වහාම වෛද්‍යවරයෙක් හමු විය යුතුයි.

ඉරිටබල් බොවෙල් සින්ඩ්‍රොම තත්ත්වයට බලපාන නිශ්චිත හේතුවක් හ¾දුනාගෙන නැතත් එයට පහත සඳහන් තත්ත්වයන් බලපාන බව දැක්විය හැකියි.
– බඩවැල්වල මාංස පේශි හැකිළීම.
– ස්නායු පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියේ ස්නායු සමඟ ඇති කරන ගැටලු.
– දරුණු බැක්ටීරියා හෝ වයිරස් ආසාදන.
– පෙර පැවැති මානසික ආතතිය.
– වර්තමානයේ මානසික ආතතියකින් පසුවීම.
– ඇතැම් ආහාර භාවිතය (මෙයට තිරිඟු, කිරි නිෂ්පාදන, පැඟිරි පලතුරු, ගෝවා, කාබනීකෘත බීම සහ වෙනත් පැණි බීම ආදිය අදාළ වේ)

IBS තත්ත්වය හදුනාගන්නේ කෙසේද?
IBS සඳහා පරීක්ෂණයක් නොමැත. මෙහිදී ගැටලුව කුමක්දැයි වෛද්‍යවරයාට විශ්වාස නම් සාමාන්‍යයෙන් රෝහලේදී වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නොවේ.

IBS සඳහා ප්‍රතිකාර:
IBS තත්වයෙන් පීඩාවිඳින සෑම පුද්ගලයෙක්ටම ප්‍රතිඵල ගෙනදෙන තනි ආහාර වේලක් හෝ ඔෟෂධයක් නොමැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ අනුව වෙනස් වේ. නමුත් IBS තත්ත්වය නිවැරදිව හ¾දුනාගෙන ඇත්නම් එය පාලනය කිරීමට ඔබට කළ හැකි බොහෝ දේ තිබේ.

එහිදී,
– හැකි සෑම විටම නිවෙසේ පිසින ලද නැවුම් ආහාර ලබා ගැනීම
– අහාරයට ගන්නා දේ සහ එමඟින් ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ දින පොතක් තබා ගැනීම
– IBS රෝග ලක්ෂණ වැඩිවන දේවල් ආහාරයට නොගැනීමට උත්සාහ කිරීම
– මානසික ආතතිය අඩු කිරීමට යෝග, ශ්වශන ව්‍යායාම සිදු කිරීම
– ශාරීරික ව්‍යායාම සිදු කිරීම
– මාසයක් පමණ ප්‍රෝබියොටික් ගැනීම වැනි දේවල් සිදුකළ හැකියි.

එමෙන්ම පහත සඳහන් දෑ පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වේ.
– ආහාර ප්‍රමාද කිරීමෙන් හා මඟ හැරීමෙන් වළකින්න
– ආහාර ගිලීමේ වේගය අවම කරන්න.
– අධික මේදය හා අධික කුළුබඩු සහිත ආහාර භාවිතය අවම කරන්න
– දිනකට නැවුම් පලතුරු කොටස් 3කට වඩා අනුභව කිරීමෙන් වළකින්න
– දිනකට තේ හෝ කෝපි කෝප්ප 2කට වඩා බීමෙන් වළකින්න.
– මත්පැන් සහ සීනි අධික බීම වර්ග බීමෙන් වළකින්න
තවද බඩ පිපීම, කැක්කුම වැනි රෝග ලක්ෂණ සමඟ පැන නඟින්නේ නම්,

ඕට්ස් (කැඳ වැනි) නිතිපතා අනුභව කරන්න, දිරවීමට අපහසු ආහාරවලින් වළකින්න. (ගෝවා, බේ‍රාකොලි, වට්ටක්කා, බ්‍රසල්ස් පැළ, බෝංචි, ලූනු සහ වියළි පලතුරු වැනි), රසකාරක අඩංගු නිෂ්පාදනවලින් වළකින්න, Buscopan හෝ peppermint තෙල් වැනි උපකාර කළ හැකි ඔෟෂධ ගැන වෛද්‍යවරයෙක්ගෙන් විමසා දැන ගන්න.

එමෙන්ම මෙම තත්ත්වයේදී ඇති වන බඩ බුරුලට යෑම සමනය කර ගැනීම සඳහා, සම්පූර්ණ ධාන්‍ය ආහාර (දුඹුරු පාන් සහ දුඹුරු සහල් වැනි), ඇට වර්ග සහ බීජ වැනි අධික කෙඳි සහිත ආහාර අඩු කරන්න. රසකාරක අඩංගු නිෂ්පාදනවලින් වළකින්න. Imodium (loperamide) වැනි ඔෟෂධ ගැන වෛද්‍යවරයකුගෙන් විමසන්න.

මෙහිදී දිගටම බඩ බුරුලට යෑම ඇති වුවහොත්, විජලනය වළක්වා ගැනීම සඳහා හැකි තරම් ජලය පානය කිරීමට වග බලා ගත යුතුවේ. ඊට අමතරව IBS සමඟින් ඇතිවන මලබද්ධ තත්ත්වය අවම කර ගැනීම සඳහා හැකි තරම් ජලය පානය කිරීම, අනුභව කරන ද්‍රාව්‍ය කෙඳි ප්‍රමාණය වැඩි කිරීම, වෛද්‍ය උපදෙස් මත Fybogel හෝ Normacol වැනි උපකාර කළ හැකි ඔෟෂධ ලබා ගැනීම ආදිය සිදු කළ හැකියි.
අක්ෂි මාපා වීරසිංහ

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 416 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 14 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 0 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

    • By admin
    • April 4, 2026
    • 0 views
    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…