ඔයත් Washroom යද්දි phone එක අරන් යනවාද ? එහෙනම් ඔයාට වෙන වැඩේ මෙන්න…

කියන්න හදන්නේ අපි ගොඩාක් අයට තියෙන වැරදි පුරුද්දක් ගැනයි…

ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා ඉන්න දෙයක් තමයි washroom යද්දිත් හැමවෙලේම phone එක අරන් යන්න. හැබැයි ඔයා දන්නවද ඔයා ඒ විදිහට washroom යද්දි phone එක අරන් යන එක ඔයාගේ කායික වගේම මානසික සෞඛ්‍යටත් දැඩි ලෙස බලපාන බව.

හානිකර බැක්ටීරියා

වැසිකිළියට වඩා අපේ smart phone එක අපිරිසිදු බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔයා washroom යද්දී phone එක අරන් යනවා කියන්නේ, මත සිරුරට අහිතකර බැක්ටීරියා රැඳෙනවා කියන එක. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණයට අනුව විශේෂයෙන්ම E. coli නම් බැක්ටීරියා මෙලෙස phone එක මත රැඳී ඇති බව සොයාගෙන තිබෙනවා.එම බැක්ටීරියාව ආහාර විෂවීම වගේ බඩවැල්ආශ්‍රිත ගැටළු වලට ගොඩක් හේතු වෙනවා. හැබැයි washroom එකේ තියෙන්නේ මේ බැක්ටීරියාව විතරක් නෙවෙයි කියලත් මතක තියාගන්න.

අර්ශස් වලට ගොදුරු වීමේ අවස්ථාව වැඩියි

ඔයා වැසිකිළිය සඳහා වැය කරන කාලය තුළදී ඔයා අවයව මත වැඩි කාලයක් පීඩනය යෙදීම නිසා මේ තත්වය ඇති වෙන්නේ. මේ ගැන තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ පවා පවත්වලා තිබෙනවා. ඒ අනුව වැසිකිළියට යද්දී phone එක අරන් යන අයට අර්ශස් රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බවයි අනාවරණය වෙලා කරගෙන තිබෙනවා.

ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති කරයි

වැසිකිළියේ දීර්ඝ කාලයක් ගත කිරීම ඔයාගේ මාංශ පේශි ගැටළු ඇති කරනවා. විශේෂයෙන් බඩවැල්, මුත්‍රාශය සහ යෝනි මාර්ගය වගේ අවයව පහළට පහත් වී ඔයාගේ ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතු වන්නේ දිග කාලයක් වැසිකිළියේ ඉඳගෙන ඉද්දී සිටින ඔයාගේ ඉරියව්වයි.

සිතීමේ හැකියාව සීමා කරයි

phone එක ඔයාගේ චින්තනයට බාධා ඇති කරනවා. phone එකක් භාවිතා නොකරන අවස්ථා වලදී හෝ ඒවා off කරලා තිබෙන වෙලාවල් වලදී ඔයා කාර්යයක් සාර්ථකව නිම කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා දුරකථනය භාවිතය සීමා කර ඔයාගේ මනසට අවැසි වන නිදහස ලබා ගන්න. ටික වෙලාවකට හරි phone ඈත් වෙලා තනිවම කාලය ගත කිරීම සුදුසුයි. ගොඩක් දෙනෙකුගේ සිතීමේ හැකියාව වැඩි වෙන්නේ washroom එකේදී. ඒ නිසා washroom යද්දී phone එක රැගෙන යාමෙන් වළකින්න.

smart phone එක නැතිව වෙන කිසිම වැඩක් කරන්න බැරි තරමටම හැමෝම දැන් අසරණයි. හැබැයි ඔයාගේ මනසටත්, ගතටත් පුංචි හෝ නිදහසක් දෙන්න. එවිට නිරෝගීව සතුටින් ඔයාට ජීවත් වෙන්න පුළුවන්.

(උපුටාගැනීමක්.. )

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 159 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 676 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 1 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 34 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 3 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.