හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම් කරයි…

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, මේ වන විට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බවටය.

“මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි,” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් බවයෙ. “වෙනත් ඕනෑම ප්‍රවාහන මාවතකදී මෙන්ම, භාණ්ඩ රටක් හරහා ගමන් කරන විට බදු ගෙවනු ලබනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ද එවැනිම මාවතක්. අපි එහි ආරක්ෂාව සහතික කරන බැවින්, නෞකා සහ තෙල් ටැංකි ඒ සඳහා ගාස්තු ගෙවීම ස්වාභාවිකයි,” ඔහු වැඩිදුරටත් පවසා ඇති බව සඳහන් වේ.

දැනට පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි පහෙන් එකක් වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය මත තම බලය ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තරය විසින් පිළිගැනීමය.

  • Related Posts

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි. මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 451 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 16 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 0 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

    • By admin
    • April 4, 2026
    • 0 views
    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…