”ආදරය නම් හැම තැනම තියෙනවා, විවාහයක් ගැන නම් තාම අදහසක් නෑ” – කාංචනා අනුරාධි

කාංචනා අනුරාධි මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට ද බොහෝ සේ ඇරැයුම් ලබන නව පරපුරේ ගායිකාවක් බව පසුගිය කාලවකවානුව පුරාවටම සනාත කළ කරුණකි. ඇගේ හඬේ සුවිශේෂී බව නිසාම ඇය කාගේත් පැසසුමට ලක්වූ වාර ගණන අනන්තය. ප්‍රසංග වේදිකාවට නිහැඬියාවක් තබමින් ඇය ගත කළ පසුගිය කාලවකවානුව කාගේත් විමසුමට ලක්වූ බව ද නොරහසකි. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු නිම කිරීම උදෙසා ප්‍රසංග වේදිකාවට කෙටි විරාමයක් තැබූ ඇය මේ වන විට නිදහස් කිරිල්ලියක මෙන් සැරිසරන්නීය. පසුගියදා පැවති 16 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී ඇය ප්‍රාසාංගික කලාවේදී (ගෞරව) උපාධි ධාරිනියක බවට පත් වූයේ ඉහළම ශ්‍රේණිගත අගයක් ද සමඟිනි. ඉහවහා ගිය සතුට ඇය අප හා මෙසේ බෙදාගත්තාය.

May be an image of 1 person and smiling

කාංචනා අනුරාධි කියන නමට පහුගිය දා තවත් වටිනාකමක් එකතු වුණා නේද?

ඔව්. පහුගිය 11 වැනිදා BMICH හිදී පැවති සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමඟ ඉහළම ශ්‍රේණිගත අගයක් සමඟින් ප්‍රාසංගික කලාවේදී (ගෞරව) උපාධියක් හිමිකර ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ගොඩක් අපහසුතා මැදින් ආපු ගමනක්. සියල්ල හමුවේ හෙවණැල්ලක් වගේ මට සවියක් වුණේ මගේ අම්මයි, තාත්තයි අක්කයි. ඒ වගේම පුංචි කාලෙ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගුරුහරුකම් දීපු සියලුම ගුරුවරුන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. සෞන්දර්ය කලා සංගීත විද්‍යා අධ්‍යයන අංශයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වගේම අධ්‍යයන අංශයේ ප්‍රධාන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිල්ටස් දයාවංශ සර් ඇතුළු සියලුම ගුරුභවතුන් මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම පෙර කළ පිනකට ලැබුණු යහළුවන් පිරිසකුත් මට ඉන්නවා. ඔවුනුත් මං තරමටම මං වෙනුවෙන් කැපවුණා. සියලු දෙනාටම ආදරය පිරි ස්තුතිය පුද කරනවා.

පහුගිය දවස්වල ඔබ ප්‍රසංග වේදිකාවේ දකින්න හිටියෙ නැති තරම්?

මගේ තාත්තට නිදහසක් නැති තරමටම ලංකාවෙන් වගේම විදෙස් රටවලිනුත් ආරාධනා ආවා. අපේ තාත්තට නම් නිදහසක් තිබුණෙම නෑ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීලා. මගේ ෆයිනල් එක්සෑම් එක නිසා ගොඩක් දුරට මං කලා කටයුතු වලින් වගේම ප්‍රසංග වේදිකාවෙනුත් ටිකක් ඈත් වෙලා හිටියේ. දැන් නම් ඒ කාර්යබහුලත්වය ඉවරයි. දැන් මට සම්පූර්ණ කාලය තියෙනවා. ලබන සතියෙ ඉඳන් දිගටම මං ප්‍රසංග වේදිකාව වෙනුවෙන් කාලය යොදවනවා. ඔවුන්ගේ කැමැත්ත වෙනුවෙන් තව තවත් නිර්මාණ කරනවා. මගේ ආදරණීය රසික රසිකාවියන් එක්කම ඉන්නවා.

May be an image of 1 person

පසුගිය දා නිකුත් වුණු ඔබේ අලුත්ම ගීතය ගැන කතා කළොත්?

කාල රේඛා නමින් නිකුත් වුණු අලුත්ම ගීතය ටිකක් වෙනස් එකක්. මං මෙතෙක් කල් නිකුත් කළ ගීත ඕනෙම කෙනෙකුට ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන්. ඒත් කාල රේඛා ටිකක් අවධානයෙන් අහන්න ඕන ගීතයක්. මේක නිතර දෙවේලේ ඇහෙන ගීතයක් නෙවෙයි. සොයාගෙන ගිහින් අහන්න ඕන ගීතයක් කිව්වත් හරි. ඒ නිසා ප්‍රතිචාර ලැබෙන්න ටිකක් ප්‍රමාද වෙයි කියලත් හිතෙනවා. ඒත් කියන්න සතුටුයි නිකුත් කරලා පොඩි කාලයක් වුණත් සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබිල තියෙනවා. මගේ ජීවිතේට අත්දැකීම් රැසක් එකතු කරමින් දවස් තුනක් තිස්සේ එක දිගටම මහන්සි වෙලා කරපු ගීතයක්. ලොකු තේරුමක් තියෙන අවබෝධ කරගන්න වටිනා ගීතයක් කිව්වත් හරි. මනුස්සයෙක් විදිහට ඉපදුණේ ඇයි? එතැනින් එහාට කොහොමද ගලාගෙන යන්නේ? අපේ අවසානය කොහේටද යා යුත්තේ කියන එක තමයි කියවෙන්නේ. රසික රසඥතාව කියන එක එකිනෙකාට වෙනස්. මට ඕන කළේ හැම රසික කොට්ඨාසයකටම ගීත ගයන්න. මේකත් එක්තරා කොටසක් ආදරෙන් වැලඳ ගනීවි කියල හිතනවා. රංගනය වුණත් වෙනමම රංග වින්‍යාසයක්. හොඳින් ග්‍රහණය කරගත්තොත් හොඳ විචාරයක් දෙන්න පුළුවන් ගීතයක්. කාල රේඛා පද රචනය වගේම සංගීතයත් ප්‍රභාෂ වීරසිංහගේ. අධ්‍යක්ෂණය නිශාන් මලින්ද. තවත් විශාල පිරිසකගේ සහාය ලැබුණා.

May be an image of 1 person, scarf and headscarf

ළඟදීම තිරගත වෙන “සෝලෝ ටවුන්“ සිනමාපටයටත් ඔබේ දායකත්වය ලැබුණා නේද?

සෝලෝ ටවුන් චිත්‍රපටයට සුපුන් පෙරේරා සමඟ ගයන මගේ ගීතයක් තියෙනවා. පසුගියදා තිරගත වුණු විසල් ආදරේ සිනමාපටයේත් මගේ ගීතයක් තියෙනවා. ගායනයට අමතරව ඒකෙ පද රචනය වගේම මෙලඩි එකත් මගේ. ඉදිරියේදීත් නිර්මාණ දෙකක් එන්න තියෙනවා. සුනිල් ආරියරත්න සර්ගේ අලුත්ම සිනමාපටයටත් ගායනයෙන් දායක වෙනවා.

කාංචනාගේ අධ්‍යාපන කටයුතුත් දැන් ඉවරයිනේ. ආදරයක් ගැන හිතන්නත් දැන් හොඳ කාලේ නේද?

ආදරය නම් හැම තැනම තියෙනවා. හැමතැනින්ම ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාර වගේම සජීවීව හමුවුණහමත් පුදුමාකාර ආදරයක් ලැබෙනවා. හරිම සතුටින් ඒ ආදරේ විඳිමින් ඉන්නවා. විවාහයක් ගැන නම් තාම අදහසක් නෑ. ඒ ගැන හිතන්න තව කල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

May be an image of 3 people and text

May be an image of 5 people, people dancing and crowd

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 45 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 507 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 102 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 869 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 838 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්