‘නළුවො එක්ක ක්ලෝස් ඇක්ට් කරන්න කියලා මට ඇඩ්වයිස් කරන්නේ එයා’ – අශිකා මතසිංහ

මතකද මීට දශක කීපයකට කලින් ‘කොහොඹ සබන්’ ඇඩ් එකෙන් ජනප්‍රිය වෙච්ච ලස්සන කෙල්ලව? එයා තවත් ලස්සන වුණේ නිකට පැත්තකින් තිබුණු තද කළු පාට බර්ත් මාර්ක්..

මතකද මීට දශක කීපයකට කලින් ‘කොහොඹ සබන්’ ඇඩ් එකෙන් ජනප්‍රිය වෙච්ච ලස්සන කෙල්ලව? එයා තවත් ලස්සන වුණේ නිකට පැත්තකින් තිබුණු තද කළු පාට බර්ත් මාර්ක් එක නිසා.

එතකොට ඉන්ෆාස්ගෙ ‘මන්දිර සඳළුතල සල්පිල් සතර කොන’ සින්දුව කොහොමත් අමතක කරන්න බැහැ. ‘කොහොඹ කෙල්ල’ කියලා කවුරුත් වාගේ ආදරේට හඳුන්වපු ඒ සිත්කලු සුන්දර කෙල්ල හුඟාක්ම හිට් වුණෙත් ඒ සින්දුවෙනුයි. ඉන් පස්සේ ඉතින් ටෙලිනාට්‍ය මහ ගොඩකට ඇයට ආරාධනා ලැබුණා.
කා ගැනද මේ කියන්නේ? මේ කියන්නේ අශිකා මතසිංහ ගැන කියලා කවුද නොදන්නේ?

ඉතින් අශිකා කියමු තොරතුරු ටිකක්…?
මගේ දරු පවුලත් එක්ක දවස ගෙවනවා. ඒ අතර ෂූටිංවලට යනවා. විශේෂයක් නැහැ.

ටෙලි කතන්දරවල අලුතින් තියෙන ආරංචි මොනවද?
මේ දවස්වල ‘දෑස මත මොහොතක්’ නිසා ටිකක් බිසී. ඒ අතර ප්‍රදීප් රසාංගගේ අලුත් ටෙලියක වැඩ පටන්ගන්නවා තව ටික කාලෙකින්.

ඒකත් නපුරු අම්මෙකුගේ චරිතයක්ද?
ටිකක් විතර චණ්ඩි කැරැක්ටර් එකකටයි මැදිවෙන්න යන්නේ.

පෙම්වත් චරිත රඟපානවට හස්බන්ඩ් ටිකක් ජෙලස් වගෙයිද?
අයියෝ කොහොමවත් නැහැ. පෙම්වත් චරිත බාරගන්න කියලා මට වද කරන්නේ එයයි. ටෙලි නාට්‍යවලදී ආදරය කරන කොට ඔයිට වැඩිය හැඟීම්බර වෙන්න, සහායක නළුව එක්ක ක්ලෝස් ඇක්ට් කරන්න කියලා මට ඇඩ්වයිස් කරන්නේ එයා තමයි.

නිළියක් හැටියට හිට් වෙලා ඉන්න කාලෙම අඩු වයසෙන් මැරි කෙරුවේ එයා කියපු නිසා නෙවෙයිද?
වැරැදි වැටහීමක්. හැමෝම හිතුවේ මම හරි ළාබාල වයසෙන් මැරි කළා කියලයි. මම මැරි කරනකොට මට අවුරුදු 25ත් පිරිලා. 30 වෙද්දී මට බබාලා තුන්දෙනාම ඉන්නවා.

25න් හරි තැන්පත් වුණේ එයාට ඔයාව ඉක්මනින් අයිති කරගන්නනේ?
මෙයාලා හදන ගොසිප්… ඔය ඔක්කොම බොරු අප්පා. මම මැරි කළේ හොඳ පාට්නර් කෙනෙක් මට ලැබුණු නිසයි. දරුවෙක් දෙන්නෙක් හදාගෙන එයා එක්ක ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගොඩනගා ගන්න මට ආසා හිතුණා. ඒ බලාපොරොත්තුව මම ඉෂ්ට කරගත්තා.

නිළියක් හැටියට හිට් වෙනවට වඩා ලස්සන ෆැමිලි ලයිෆ් එකක් හොඳයි කියලා හිතුණද?
සත්තකින්ම ඔව්. එදා එහෙම හිතුවා වගේම අදටත් මගෙ ජීවිතේ පළමු තැන මගේ ලස්සන දරු පවුලට තමයි.

අම්මලගෙ චරිතවලට කොටු වුණේ ඇයි අශිකා?
කොටු වුණේ නැහැ. මට ලැබෙන චරිත මම බාරගන්නවා. වයසට ගිහින් අම්මලගේ චරිත කරනවට වඩා මේ විදියට අම්මලගේ චරිත කරන එකේ මට තෘප්තියක් දැනෙනවා.

‘කුලැත්තියෝ’ ටෙලියේ ඔයා අවුරුදු 25ක පුතෙකුගේ අම්මට රඟපෑවා?
ඔව්. හරිම තෘප්තියෙන් කරපු චරිතයක්. ආරාධනය ලැබුණේ ප්‍රවීණ නිර්මාණකරු නිහාල් ප්‍රනාන්දුගෙන්. එතකොට මට 30 පිරුණා විතරයි.

අම්මලගේ චරිතවලට කොටුවීමේ ආරම්භය එතැනද?
මෙහෙමනෙ. ඒ දවස්වල චූටි පුතා හම්බවුණු අලුත. මාව හුඟක් මහත් වුණා. ඒ පෙනුම කුලැත්තියෝ චරිතෙට මැච් වෙන්න ඇති. ආරාධනාව ලැබුණේ නිහාල් ප්‍රනාන්දු වැනි ප්‍රවීණයෙක්ගෙන් නිසා මම ඒ ස්ක්‍රිප්ට් එක හුඟාක් ආසාවෙන් බාරගත්තා කිව්වොත් හරි.

ඒ වගේම එතැනින් පස්සේ හුඟක්ම අම්මලගෙ චරිත ලැබෙන්න ගත්තා. ඒක කොටුවීමක් නෙවෙයි. කොටු කිරීමකුත් නෙවෙයි. නිළියක් වුණාම විවිධ චරිත නිරූපණය කළ යුතුයි. මම දකින්නේ එහෙමය.ි ඒකයි අභියෝගය.

ඔව් ඉතින් මැරෙන්න කලින්ම මිනී පෙට්ටියකත් ඔයා නිදාගත්තා නේද?
ඒකනේ කියන්නේ. ඒ ‘හයිඩි’ ටෙලි නාට්‍යයේ. කිසිම චකිතයක් නැතිව මම මිනියක් වුණා. ඒක ක්ලෝස්අප් පෙන්නද්දී අපේ ගෙවල් එහා පැත්තේ බබාලා මම ඇත්තටම මැරිලා කියලා හිතලා අඬලා තිබුණා. පහුවදා එයාලගේ අම්මට අපේ ගෙදරට ඇවිත් මාව පෙන්නන්න වුණා එයාලට. එතකොටයි එයාලා මම මැරිලා නෑ කියන එක විශ්වාස කෙරුවේ.

කොහොඹ කෙල්ල ගිය දුර?
තව දුර යන්න තියෙනවා. මහ ගොඩක් දුර යන්න තියෙනවා.

කොයි තරම් දුර ගියත් අර පුංචි කොහොඹ කෙල්ලව තවමත් කාටත් මතකයි නේද?
ඇත්තටම ඔව්. ඊයේ පෙරේදත් තරුණ අම්ම කෙනෙක් මගෙ ළඟට ඇවිදින් ‘අර කොහොඹ ඇඩ් එකේ හිටපු ඇක්ට්‍රස් ඔයා නේද?’ කියලා ඇහුවා. ඉන්ෆාස්ගේ සින්දුව ගැනත් මතක් කළා. මහමෙරක සතුටක් දැනුණා හිතට. අවුරුදු විසි ගානකින් එහා අතීතයක් එයාලට මතක තියෙන එකම ඇති නේද කියාල හිතුණා මට.

හැමදාමත් ඒ සතුට ඔයා ළඟ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අශිකා….
ස්තුතියි ‘මව්රට’ හාට් එකට. මාව හොයාගෙන ආවට. මගේ රසිකයන්ට කියනවා මෙතැනදී මට ආදරය කරන තරමටම මමත් එයාලට ආදරෙයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports