පට්ටම ලස්සන අලුත්ම මෝහිනී!

‘හාට්’ එකත් එක්ක පොඩ්ඩකට සෙට් වෙන්න පුළුවන්ද කියලා අහන්න උදාරි වර්ණකුලසූරියට කෝල් එකක් දෙන්න හිතුණා. හිත හිතා හිටියෙත් නැහැ. ඒ ඇසිල්ලෙම කෝල් එක ගත්තා. තත්පර කිහිපයයි රින්ග්ස් ගියේ. උදාරිගේ මිහිරි හඬ එහා කොනෙන් ඇහුණා. ඈ එහෙමයි. බොරු බිසී නැහැ. ලොකු ලොකු සීන් නැහැ. කවදත් මීඩියා එක්ක සුහදයි. මග තොටකදී වුණත් එහෙමයි. රසික ප්‍රතිචාරවලට හරිම ඇල්මයි. (Sri Lanka Latest News)

වර්ණනාව ඇති. බලමු එයා හාට් එකට ඇවිදින් ‘හාට්’ එකෙන්ම කිව්වේ මොනවද කියලා.
මොනවද මේ දවස්වල වෙන්නේ?
විශේෂයක් නැහැ. ටිකක් නිවාඩු පාඩුවේ ඉන්නවා.
ඒ කියන්නේ රංගනයෙන් ටිකක් විතර ඈත් වෙන්න හිතුවද?

අපොයි නැහැ. පසුගිය දවස්වල ෆිල්ම් 5ක විතර ෂූටින් තිබ්බා. ඒවායේ සියලු වැඩ කටයුතු ඉවර වුණා. තිරගත වීමට නියමිතයි. ඒ වගේම නිර්මාණ කිහිපයක වැඩකටයුතු 2025 ජනවාරියේදී පටන්ගන්නවා.

තොරතුරු ටිකක් දෙමුද ඒ නිර්මාණ ගැන?
ඉඟියක්වත් දෙන්න විදියක් නැහැ. මොකද මට ඒ අවසරය නැහැ.
අලුත් ටෙලියක් ගැන හෝඩුවාවක් තියෙනවා?

රූගත කිරීම නිමවුණු ටෙලි 2ක් තියෙනවා. එකක් ‘සිටුවර පුවත’. අනෙක ‘මෝහිනී’. බොහෝ විට ඉදිරියේදී සති අන්තයේ විකාශය වේවි.

සුදු සාරිය ඇඳගෙන ළමයව වඩාගත්ත මෝහිනී ගැනද ඒ කතාව?
කතාව නම් ඒ මෝහිනී ගැන තමයි. හැබැයි සාම්ප්‍රදායිකව මිනිස්සු මවාගත්ත මෝහිනී වෙනුවට ටෙලි කතාවේ ඉන්න මෝහිනී වෙනස්. කතන්දරය අවසානයේ ප්‍රේක්ෂකයෝ ‘මෝහිනී පවු නේද?’ කියන තැන ඉන්නවට සැක නැහැ.

ඔයා හුඟක් ලස්සන නිසා වෙන්නැති මෝහිනීට ඔයාව ගත්තේ?

අනේ මන්දා. මම නම් ඒ චරිතෙ බොහොම ආදරෙන් භාරගත්තේ වෙනස්ම කතාවක් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් නිසයි.

ටෙලිවලට වැඩිය ෆිල්මලට ඔයා සමීපයි කිව්වොත් හරිද?
මෙහෙමයි, මෙගා ටෙලිවලින් පසුගිය දවස්වල ටිකක් ඈත් වුණා තමයි. එහෙම වුණේ එක දිගට ෂූටින් වැටුණාම ඒක ටිකක් විතර අවුල්. දෝණි එග්සෑම් එකට ලෑස්ති වෙන නිසා මට නිවාඩු ඕනෙ වුණා. මෙගා ටෙලිවලට හිරවුණාම නිවාඩු ලැබෙනවා හුඟක් අඩුයි.

ඒ හින්දා ටෙලිවලින් ඈත් වෙන්නද කල්පනාව?

එහෙම අදහසක් නැහැ. හැම දේම බැලන්ස් කරගෙන ඉස්සරහට යනවා.

සමහර චරිත ඔයා රිජෙක්ට් කරනවලු නේද උදාරි?
ඔව්. මගෙ හිතට හරි නැහැ කියලා හිතුණොත් ඒ චරිතයට සාධාරණයක් කරන්න බැහැයි කියලා හිතුණොත් මම ඒක රිජෙක්ට් කරනවා.

එතැන තියෙන්නේ ආත්ම විශ්වාසයක් නැතිකමද?
නැහැ. එතැන තියෙන්නේ ඒ චරිය මගේ හිතට ෆීල් වෙන්නේ නැති කාරණයයි. ස්ක්‍රිප්ට් එක දිහා බලනකොට මම බලාපොරොත්තු වෙන දේ එතැන නැත්නම් මගේ මානසිකත්වය නෙගටිව් නම් මම ඒ චරිතය අතහරිනවා. ඒ වගේම එතැනදී ‘මම මේ දවස්වල හුඟක් බිසී, ඒ හින්දා මේක භාරගන්න විදියක් නැහැ’ කියලා බොරුවට කියන්නේ නැහැ. මම ඇත්තම කියනවා ‘මට මේ චරිතය ෆීල් නැහැ’ කියලා. මොකද මම රඟපාන චරිතයකට බොරු කරන්න මම කැමැති නැහැ. ඒක මට කරන්නත් බැහැ.

පළමු චිත්‍රපටයෙන් පස්සේ රංගනයෙන් ඈත්වෙලා හිටියේ හිතට හරි නැති චරිත ලැබුණු නිසාද?
අපොයි නැහැ. ඒක වෙන කතාවක්. ‘පායා එන්න හිරු සේ’ ෆිල්ම් එකෙන් පස්සේ දූ හම්බවුණත් එක්කම මගේ බර වැඩිවුණා. මහත්වෙන්න ගත්තා. කිලෝ 88ට හිටියේ. ආයේ ස්ලිම් වෙනකල් මොනවත්ම භාරගන්නේ නැහැ කියලා හිතුවා. ඒ අතරතුර තමයි ඔය කියන විරාමය ගත්තේ.

ඉන් පස්සේ ‘බොඳ මීදුම්’ හරහා ජනප්‍රිය තරුවක් වුණා?
ඔව්. ‘පායා එන්න හිරු සේ’ ෆිල්ම් එකෙන් ප්‍රේක්ෂකයන්ට මාව ඒ හැටි දැනුණේ නැහැ. ‘බොඳ මීදුම්’ මාව ජනප්‍රිය තරුවක් කළා.

‘උදාරි වර්ණකුලසූරිය’ කියන ඒ තරුව ගැන ඔයාට ආඩම්බරයි?
ඔව්. ඒක අහිංසක ආඩම්බරකමක්. මගේ උසට දුවක් ඉඳලත් මට තවමත් එදා වාගෙම චිත්‍රපටවලට, ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඇත්තටම මට මං ගැන සතුටුයි.

මේ තරම් දුරක් ඔයා එයි කියලා කවදාවත් හිතුවේ නැද්ද?
කොහොමවත් නැහැ. ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී, සුනිල් ආරියරත්න වැනි විශිෂ්ට, ප්‍රවීණ නිර්මාණකරුවන් මාව හොයාගෙන එයි කියලා කවදාවත් හිතුවේ නැහැ.

ඒකට හේතුව ඔයාගේ දක්ෂ චරිත නිරූපණයද?
වාසනාවත් එතැන තියෙන්න ඇති කියලා හිතෙනවා.

හෙට දවසේ ඉලක්ක තියෙනවද?
දැනට නැහැ. මා ගැන මම උපරිම සතුටු වෙනවා. ජීවිතේ වෙනසක් කරන්න වරමක් ලැබෙනවා නම් මම ඉල්ලන්නේ උදාරි වර්ණකුලසූරියවම මට දෙන්න කියලයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 38 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 442 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 94 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 850 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 182 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 831 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්