වයස අවුරුදු 16ට අඩු පිරිසට සමාජ මාධ්‍ය තහනමක්

සමාජ මාධ්‍ය සඳහා වයස් සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු නව කම්කරු රජය යෝජනා කර ඇති අතර එමඟින් අවුරුදු 16ට අඩු දරුවන්ට Instagram, TikTok, Snapchat හා X ඇතුළු සමාජ මාධය තහනමට ලක් කිරීමට යෝජිතව ඇත.

නව පනත පිළිබඳව කෙටුම්පත ප්‍රසිද්ධ කිරීම සමග එරට ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර පැය 24ක් තුළ පැමිණිලි 15,000ක් පමණ ලැබී ඇතැයි වාර්තා විය.

එයට ප්‍රධාන හේතුව වූයේ එලොන් මස්ක් මෙම කරුණ පිළිබඳව සිය X පිටුවේ අදහස් දැක්වීමයි.

රජය මෙහිදී තදින් සිටින්නට නියමිතය අතර සමාජ මාධ්‍ය සමාගම් වලට දරුවන් මෙම වේදිකා භාවිතයෙන් වැළැක්වීමට සාධාරණ පියවර ගැනීමට සිදුවන බැවින් එසේ නොකළහොත් මිලියන 50ක දඩයකට යටත් වීමට සිදුවන බව ද දන්වා ඇත.

කෙසේ වෙතත් දෙමාපියන්ට හෝ පරිශීලකයන්ට දඩ පැනවීමක් සිදුනොවනු ඇත.

Australia to ban under-16s from social media | Scottish Legal News

ඕස්ට්‍රෙලියානු රජය සහ විපක්ෂය මෙම තීරණය සාධාරණීකරණය කරන්නේ තරුණයන්ගේ මානසික සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහාය. කෙසේ වෙතත්, සමහර මානසික සෞඛ්‍ය සංවිධාන මෙම තහනම නිසා දරුවන් තවත් හුදකලා විය හැකි බවට අනතුරු අඟවා ඇත.

Digital Industry Group Inc (DIGI) වැනි සමාජ මාධ්‍ය නියෝජිත ආයතන යෝජනා කරන්නේ සම්පූර්ණ තහනමක් වෙනුවට වේදිකා ආරක්ෂාව වැඩි දියුණු කිරීම වඩා සුදුසු බවයි.

එලොන් මස්ක් මෙය ඕස්ට්‍රේලියානු ජනතාවගේ අන්තර්ජාල ප්‍රවේශය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස විවේචනය කර ඇත.

හරිත පක්ෂය සහ ස්වාධීන සෙනෙට් සභිකයන් මෙම පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විවේචනය කර ඇත. අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ මෙය නව ප්‍රජා ප්‍රමිතියක් පිහිටුවීමක් බවත්, ලොවක් මෙම නීති දෙස බලා සිටින බවත්ය.

පනත සම්මත වුවහොත්, සමාජ මාධ්‍ය සමාගම්වලට නව නීති වලට අනුගත වීමට මාස 12ක කාලයක් ලැබෙනු ඇත.

මෙම යෝජිත පනත පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ විරුද්ධත්වය පැන නැගී ඇති අතර, එය ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව බොහෝ දෙනා සිය නොකැමැත්ත පළ කර ඇත. කෙසේ වෙතත්, රජය සහ විපක්ෂයේ සහය මත මෙම පනත සම්මත වීමට නියමිතය.

Related Posts

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 45 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 491 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 100 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 862 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 186 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 835 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්